
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සංවර්ධනය කිරීම සඳහා වැඩසටහන් රාශියක් දියත් කර ඇත.
එම වැඩසටහන් සඳහා දායකත්වය සැපයීමේ ඇති ශක්‍යතාවයන් පිළිබඳව සාකච්ඡා කිරීමේ හමුවක් අප්‍රේල් මස 04 වැනි දින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේදී පැවැත්වුණු අතර ඒ සඳහා අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර, අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ, සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) ඔෂානි බෝධිවංශ, තොරතුරු තාක්ෂණ නිලධාරී බී. කේ. ගයනි, Abans ආයතනයේ ඊ වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී භාග්‍ය ලේකම්ගේ සහ එම සමාගමේ මෙහෙයුම් කළමනාකරු අරවින්ද කන්දන්දගේ ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
