
හැටන් නැෂනල් බැංකුව (HNB) විසින් සංවිධානය කරන ලද “ගැමි පුබුදුව” වෙළඳ ප්‍රදර්ශනය – 2025 අප්‍රේල් 05 සහ 06 යන දෙදිනයන්හි බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්ථකව පැවැත්වුණු අතර එහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයෙකු ලෙසින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ මහතා සහභාගි විය.
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ග්‍රාමීය ව්‍යවසායක ප්‍රජාවන්ගේ ගුණාත්මක නිෂ්පාදන ජාතික තලයට රැගෙන ඒමේ වටිනා අවස්ථාවක් මෙම වෙළඳ ප්‍රදර්ශනය හරහා නිර්මාණය විය.
