
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (National Enterprise Development Authority: -NEDA) සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ බැංකු රක්ෂණ අංශයේ නිලධාරීන් අතර හමුවක් පසුගිය අප්‍රේල් 26 වැනි දින සාර්ථකව පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර, එම අධිකාරියේ අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ, සහකාර අධ්‍යක්ෂ (ව්‍යවසාය ප්‍රවර්ධන) ශෂික ද මෙල්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ බැංකු රක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.
මෙහි දී බැංකු ණය ලබා ගැනීමේදී ව්‍යවසායකයින් සඳහා ආදායම් අහිමි වීමේ පිළිබද රක්ෂණ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමත්, දේශගුණික බලපෑම් සඳහා රක්ෂණ ඉදිරිපත් කිරීමත්, කෘෂි ව්‍යවසායකයින් සඳහා වගා රක්ෂණ පිළිබඳවත් අවධානය යොමු කරන ලදී.

