HARTI – DOA: කෘෂි ව්‍යවසායකයින් ලෙස ගොඩනැඟීම සඳහා තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම

Spread the love

ඉහළ ඡායාරූප විස්තරය – ඒ.කේ. ජයවර්ධන මහත්මිය, (අධ්‍යක්ෂක, ව්‍යාප්ති සහ පුහුණු, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගන්නෝරුව) ජී.එන්. අරුණ තිලක මහතා (අතිරේක අධ්‍යක්ෂ, කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගන්නෝරුව) සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුුහුණුකිරීමේ ආයතනයේ පරිසර අංශ ප්‍රධානී චින්තක ජයසූරිය  මහතා මහනුවර දිස්ත්‍රික් පුහුණු වැඩසටහනේදී

කෘෂිකර්ම ක්ෂේත්‍රය ආශ්‍රිතව ව්‍යාපාර ආරම්භ කර ඇති හා වර්තමානයේ ව්‍යාපාරයක් නොකරන නමුත්  කෘෂිකර්ම ක්ෂේත්‍රය ආශ්‍රිතව නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින  තරුණ ප්‍රජාව සඳහා

  1. පළමු වැඩසටහන – මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ කෘෂි ව්‍යවාසකයින් සඳහා 2024. 11.06 සිට 2024.11.08 දක්වා ගන්නොරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී  පවත්වන ලදි.
  2. දෙවන වැඩසටහන – ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ කෘෂි ව්‍යවාසකයින් සඳහා 2024. 12.02 සිට 2024.12.04 දක්වා යක්කල මානව සම්පත් සංවර්ධන හා පුහුණු කිරීමේ ආයතනයේදී පවත්වන ලදි.

කෘෂිකර්ම ක්ෂේත්‍රය ආශ්‍රිත නිෂ්පාදන හෝ සේවා සැපයීමේ ව්‍යවසායකයින් ලෙස ගොඩනැඟීම සඳහා තරුණ ප්‍රජාව පෙළඹවීම සහ ඒ සඳහා ඔවුනට අවශ්‍ය දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ යි.

ආර්ථික පුනරුදය කරා පියනැඟිම සඳහා දායක විය හැකි ශක්තිමත් තරුණ ව්‍යවසායකයින් පිරිසක් බිහිකර ගැනීම මෙම පුහුණු වැඩසටහනේ නිමැවුම වන අතර තරුණ ප්‍රජාව ආදායම් මාර්ගවලට සක්‍රීය ලෙස දායක කිරීම හරහා ගෘහ ආර්ථිකය ශක්තිමත් කර, එමඟින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත්  කිරීම සහ අවසානයේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම අපේක්ෂිත දීර්ඝ කාලීන ප්‍රථිඵලය යි.

මෙම වැඩසටහන සඳහා පුහුණුලාභින් තෝරාගැනීම සඳහා අයදුම්පත් කැඳවන අතර ඉන් තෝරා ගත් තරුණ තරුණියන් 25 දෙනෙකු සඳහා මෙම වැඩසටහන හරහා පුහණුව ලබා ලැබේ. මෙහි දී,

  • ව්‍යවසායකත්ව ප්‍රවේශය පිළිබඳ මුලික දැනුම හා අවබෝධය ලබා දීම,
  • ආකල්ප සංවර්ධනය සහ ව්‍යවසායක කුසලතා වැඩිදියුණු කිරීම,
  • නව ව්‍යාපාර අවස්ථාවන් හඳුන්වාදීම,
  • ව්‍යාපාර කළමනාකරණ කුසලතා සංවර්ධනය,
  • නිර්මාණාත්මක අලෙවිකරණ ප්‍රවේශයන් හඳුන්වා දීම.
  • සහය සේවා සපයනු ලබන ආයතන සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීම යන තේමාවන්ට අදාළ වන කරුණු මෙම වැඩසටහන තුළ දී ආවරණය කරයි.

එච්.ඒ.ආර්.එස්. රණසිංහ මිය (අසුන්ගෙන දකුණ) සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක (නියෝජ්‍ය කෘෂකර්ම අධ්‍යක්ෂ කාර්යාලය, ගම්පහ) ඒ.එස්.එම්. රොෂාන් මහතා (අසුන් ගෙන වම) සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක, කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව), එන්.එස්.කේ. පණ්ඩිතගේ මහතා (කෘෂිකර්ම උපදේශක, කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව) ගම්පහ පුහුණු දිස්ත්‍රික් පුහුණු වැඩසටහනේ දී.

දේශන, සාකච්ඡා, කණ්ඩායම්, අභ්‍යාස, බුද්ධිකලම්බනය, සිද්ධි අධ්‍යයනය හා වීඩියෝ දර්ශන පුහුණු ක්‍රම ලෙස භාවිතා කරන අතර පුහුණු මාධ්‍යයක් ලෙස ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාවිතා කරනු ලැබේ.

පුහුණුලාභියෙකු හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුුහුණුකිරීමේ ආයතනයේ පරිසර අංශ ප්‍රධානී චින්තක ජයසූරිය  මහතා අතින් සිය සහතිකය ලබා ගන්නා අයුරු

මෙම වැඩසටහන තෙදින වැඩසටහනක් බැවින් වැඩසටහන ආරම්භයේ කරනු ලබන පූර්ව ඇගයීම හා වැඩසටහන අතර වාරයේ කරනු ලබන ප්‍රතික්‍රියා ඇගයීම තුළින් හා වැඩසටහන  අවසානයේ කරනු ලබන පසු ඇගයීම තුළින් දැනුම, ආකල්ප සහ කුසලතාවල වෙනසක් වූවා ද යන්න සොයා බැලේ.  එමෙන්ම මෙම පුහුණුලාභීන් පිළිබඳ පසු විපරම් සිදුකිරීම හා අංකුර ව්‍යවසායකයින්ගේ ඉදිරි ගමන සඳහා අඛණ්ඩ සහය සැපයීම ද සිදුකරයි. මෙම වැඩසටහන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන අංශය සමඟ ඒකාබද්ධව සිදු කරනු ලබයි.

ගම්පහ දිස්ත්‍රික් පුහුණු වැඩසටහන සහභාගී වූ පුහණුලාභිනියක විසින් ඒ.එස්.එම්. රොෂාන් මහතා අතින් සිය සහතික පත්‍රය ලබා ගන්නා අයුරු.

මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන අංශය, තරුණ ගොවි සමාජ මූලස්ථානය, අපනයන සංවර්ධන මණ්ඩලය හා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ලබා දෙනු ලැබේ. 

සටහන සහ ඡායාරූප – නවෝදා වනසිංහ සහ චතුරිකා සඳමාලි, පර්යේෂණ විමර්ෂක නිලධාරිනී

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *