
කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසාය (Small and medium-sized enterprises – SMEs) යනු මහා පරිමාණ සමාගම් හා සසඳන විට අඩු සේවක සංඛ්‍යාවක්, වත්කම් හෝ ආදායම් අඩු පරිමාණයෙන් සමන්විත ව්‍යාපාර වේ. SMEs සඳහා නිශ්චිත අර්ථ දැක්වීම රට අනුව වෙනස් විය හැකිය.
ශ්‍රී ලංකාවේ, ව්‍යාපාරයක් එහි සේවක සංඛ්‍යාව පුද්ගලයන් 300 නොඉක්මවන්නේ නම් සහ එහි වාර්ෂික ආදායම රුපියල් මිලියන 750 නොඉක්මවන්නේ නම්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ලෙස සැලකේ.
බොහෝ ආසියානු ආර්ථිකයන්හි යහපැවැත්ම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. මෙම ආයතනවලට විශාල සමාගම්වලට වඩා අඩු ප්‍රාග්ධනයක් අවශ්‍ය වේ. එබැවින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වයේ වර්ධනය තරුණ තරුණියන්ට වැඩි රැකියා අවස්ථා ලබා දෙන අතර දිළිඳුකමට එරෙහි සටනට සහාය වේ. විශාල සංවිධාන හා සසඳන විට ඔවුන්ට බදු පදනම් ඉතා ඉක්මනින් වැඩි කළ හැකිය. මෙය ඕනෑම රජයකට සුබ ආරංචියකි.

ශ්‍රී ලංකාවේ SMEs
ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ධනයට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගෙන් විශාල සහයෝගයක් ලැබේ. මෙම ව්‍යාපාර දළ දේශීය නිෂ්පාදිතයෙන් 52% දක්වා දායක වේ. එහි ප්‍රතිඵලයක් ලෙස එය ‘ආර්ථිකයේ කොඳු නාරටිය’ ලෙස සැලකේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් බල ගැන්වෙන සමහර ප්‍රධාන අංශ අතරට කෘෂිකාර්මික අංශය ද ඇතුළත් වේ. කෘෂිකාර්මික අංශයේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් එහි පවතින මුළු ව්‍යවසායන්ගෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2013/2014 වර්ෂයේ වාර්තාවලට අනුව, කෘෂිකාර්මික නොවන අංශයේ පුද්ගලයන් මිලියන 2.225කට ආසන්න පිරිසකට ජීවනෝපාය සපයමින් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ආයතන මිලියන 1.017ක් දක්වා ගිණුම්ගත කර ඇත.
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බොහෝ දුරට ග්‍රාමීය ප්‍රදේශවල ස්ථාපිත ඒවා වේ. ඒ අතරම, අපනයන වටිනාකම් දාමයට ඒකාබද්ධ කිරීම ප්‍රවර්ධනය කරමින් අපනයන අංශය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය අනිවාර්ය බව හඳුනාගෙන ඇත. රටේ අපනයන ආදායම වැඩිදියුණු කිරීමටත් රටේ සමස්ත ආදායම ඉහළ නැංවීමටත් මෙය කදිම අවස්ථාවකි. ශ්‍රී ලංකවේ ප්‍රධාන අපනයන ගමනාන්ත වන්නේ ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජර්මනිය, ඉතාලිය සහ චීනයයි. 2019 වසරේ දී ශ්‍රී ලංකාවේ සියලුම අපනයන ඉපැයීම්වලින් 78.9%ක් කාර්මික අපනයනය විය. මෙම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායවලින් බොහොමයක් ග්‍රාමීය ප්‍රදේශවල පිහිටා ඇත. එබැවින්, ගෘහ ආදායම සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් බොහෝ පවුල් සඳහා යැපුම් මාධ්‍යයක් බවට පත්ව ඇත.
කෙසේ වෙතත්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මූල්‍ය විශ්වසනීයත්වය ආමන්ත්‍රණය කිරීමේදී අභියෝගවලට මුහුණ දෙයි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මූල්‍ය ප්‍රවේශය සම්බන්ධ ගැටලු ය. මක්නිසාද යත්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ආඛ්‍යානය මෙම ආයතන රටේ දළ දේශීය නිෂ්පාදිතයට සේවය කරන ආකාරය පිළිබඳ විශාල චිත්‍රය කෙරෙහි අවධානය යොමු කර ඇති බැවිනි. එබැවින්, දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ අනාගතය සඳහා ශක්තිමත් පදනමක් ඇති කිරීම සඳහා කුඩා ගැටලු විසඳීම සඳහා කලාප ආධාරක ප්‍රවේශයක් අවශ්‍ය බව හඳුනාගෙන ඇත.
කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය ප්‍රවේශය වැඩිදියුණු කිරීමට CSE හට හැකි වන පරිදි “Empower” නමින් මණ්ඩලයක් පත් කර ඇත. රජයේ ප්‍රමිතීන් සමතුලිත වන ආකාරයට මෙය සිදුකෙරෙන අතර මෙම ව්‍යාපාරවලට විශ්වාසනීයත්වය ගොඩනැගීමට අවස්ථාව සලසා දී ඇත. මෙම වැඩසටහන සමඟින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීමට අවස්ථාව තිබේ. “Empower” මඟින් ආයෝජකයින් මෙම අංශයට ආකර්ෂණය කර ගැනීමට ද උපකාරී වේ. මීට අමතරව, EDB Sri Lanka විසින් ද නව අපනයන සංවර්ධන සහ SMEs පුහුණු වැඩසටහනක් දියත් කර ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවේ SMEs සහ කාන්තාවන් ප්‍රමුඛ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව වෙළඳපළ සහ මූල්‍ය අවස්ථා ගවේෂණය කිරීමට උපකාරී වේ.
මූලාශ්‍රය – srilankabusiness.com