SMEs ප්‍රවර්ධන අරමුණින් NEDA සහ කොළඹ කොටස් හුවමාරුව අතර සාකච්ඡාවක්

Spread the love

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත කොළඹ කොටස් හුවමාරුව හරහා ප්‍රාග්ධන ප්‍රවේශයන් ඇති කිරීමට දිරිමත් කිරීම, උපදේශනය සැපයීම සහ ආකල්ප සංවර්ධනය කිරීම සඳහා වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට ඇති ශක්‍යතාවය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ හමුවක් අප්‍රේල් මස 01 වන දින කොළඹ කොටස් හුවමාරු පරිශ්‍රයේදී පැවැත්විණි.

මේ අවස්ථාව සඳහා කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී (නම් කළ) වින්ද්‍යා ජයසේකර සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ, සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) ඔෂානි බෝධිවංශ, තොරතුරු තාක්ෂණ නිලධාරී බී. කේ. ගයනි, ව්‍යවසාය ප්‍රවර්ධන නිලධාරී භාග්‍යා නාකන්දල, (ඛෂෂභ) ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *