
වෙළඳපොළ අවශ්‍යතාවය සැපිරීම සඳහා මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ සහයෝගීතාවය ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳ යෝජනා ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල කීපයක පීඨාධිපතිවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ දී මාර්තු මසායේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට කොළඹ විශ්ව විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, විවෘත විශ්ව විද්‍යාලය, මොරටුව හා කැළණිය විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් පීඨාධිපතිවරුන් සහභාගී වූහ.
මෙහිදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මූලික කරගනිමින් අමාත්‍යාංශ සමඟ එකාබද්ධව විශ්ව විද්‍යාල මඟින් සිදුකරන පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් සිදුකිරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කෙරිණි.
ඒ අනුව අප රටේ කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතා අරබයා පර්යේෂණ මෙහෙයවීම, දැනට විශ්ව විද්‍යාල වල ස්ථාපිත Business Link වැඩසටහන නැවත පණ ගැන්වීම, විශ්ව විද්‍යාල ආශ්‍රිතව ව්‍යවසායකත්ව සංවර්ධනය හා Incubator නිර්මාණය වැනි කරුණු වේගවත් කිරීමට මූලික එකඟත්වය ප්‍රකාශ විය.