
ශ්‍රී ලංකා තේ අපනයකරුවන්ගේ සංගමයත්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියත් අතර විශේෂ හමුවක් 2025 මාර්තු 5 වන දින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරි පරිශ්‍රයේදී පැවත්විණි.
මෙම අවස්ථාව සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර මහතා, එම අධිකාරියේ අධ්යක්ෂ ධනුක ලියනගමගේ මහතා, “Mother ශ්‍රී ලංකා” ආයතනයේ නිර්මාතෘ ආචාර්ය ජානකී කුරුප්පු මහත්මිය, එම ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු සවීනා සිරිවර්ධන මහත්මිය, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික් තේ වගාකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් එහි ලේකම් උෂාන් සමරසිංහ මහතා, එම සංගමයේ සාමාජිකවරුන් වන ආර්. එස් ජයසුන්දර මහතා සහ ආර්. එස්. එන්. විජේසුන්දර මහතා සම්බන්ධ වූහ.
මෙහිදී එම සංගමයේ සාමාජිකයින් විසින් නිෂ්පාදනය කරනු ලබන තේ ආශ්රිත අගය එකතු කරන ලද නිෂ්පාදනයන් පිළිබඳ සාකච්ඡා කළ අතර එහිදී එම ව්‍යාපාරික කටයුතු සඳහා උපදේශනය සැපයීම කෙරෙහි මූලික අවධානය යොමු කෙරිණි.