
කැලණිය “ප්‍රාදේශීය ව්‍යවසාය සංසදය” මාර්තු 20 වන දින එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථක ව පැවැත්විණි.
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර, කැලණිය ප්‍රාදේශීය ලේකම් ජේ. ඒ. ඩී. ජී.එස් රණසිංහ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආචාර්ය සමින්ද රණතුංග, දිස්ත්‍රික් විදාතා නිලධාරී කේ. වයි. පී දර්ශිකා, කුඩා ව්‍යාපාර අංශයේ ව්‍යවසාය සංවර්ධන පුහුණු නිලධාරී නෙළුම්දිකා ජයවර්ධන, ගම්පහ දිස්ත්‍රික් පරිසර නිලධාරී එන්. රොහාන් කුරේ, සණස සංවර්ධන බැංකුවේ, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහ මහජන බැංකුවේ නිලධාරීන්, ගම්පහ දිස්ත්‍රික් නිලධාරී අශෝකා, අත්තනගල්ල ව්‍යවසාය සංවර්ධන නිලධාරී වසන්ති සේනාසිංහ, මහර ව්‍යවසාය සංවර්ධන නිලධාරී තක්ෂිලා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.
දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පවත්වනු ලබන ‘ප්‍රාදේශීය ව්‍යවසාය සංසද’ හරහා එම ප්‍රදේශයේ ව්‍යවසායකයින්ගේ පොදු ගැටලු සාකච්ඡා කිරීමට අවශ්‍ය වේදිකාව නිර්මාණය කෙරේ.
