
යුරෝපා සංගමයේ (EU) ශ්‍රී ලංකා නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එක්ව ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපලට යොමුකිරීමට උපකාරී වන නවතම වැඩසටහනක් ආරම්භ කර ඇත. “Creative Sri Lanka 2030: Matchmaking Pilot Program 2025” යන මෙම නව්‍ය වැඩසටහන, ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික හස්ත කර්මාන්ත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොලට හඳුන්වාදීමට හා දේශීය නිර්මාණකරුවන් සඳහා ගෝලීය අවස්ථා උදාකරදීමට අරමුණ කර ඇත.

මෙම විශේෂ උත්සවය සඳහා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, චමින්ද පතිරාජ මහතා, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනී බොනී හෝර්බැක් මහත්මිය (Ms. Bonnie Horbach), යුරෝපා සංගමයේ වෙළඳ හා සන්නිවේදන අංශ දේශපාලන ප්‍රධානී ලාර්ස් බ්රෙඩාල් මහතා (Lars Bredal), යුරෝපා සංගමයේ වෙළඳ හා සන්නිවේදන අංශ නියෝජ්‍ය දේශපාලන ප්‍රධානී කැරොලයින් ලොප්ස් මහත්මිය (Caroline Lopes), බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකා ප්‍රධානී ඔර්ලන්ඩෝ එඩ්වඩ්ස් මහතා (Orlando Edwards), ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, ජාතික ශිල්ප සභාවේ සභාපතිනී ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මිය, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති සිසිර අමරබන්දු මහතා, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ සභාපතිනි සුජීවා සේනානායක මහත්මිය ඇතුළු යුරෝපා සංගමයේ (EU) ශ්‍රී ලංකා නියෝජිතායතනය, බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නිලධාරින් ප්‍රතිපත්ති සම්පාදකයින් සහ නිර්මාණකරුවන් රැසක් සහභාගී විය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවති මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ප්‍රමුඛ පෙළේ යුරෝපීය සහ එක්සත් රාජධානියේ සන්නාම පහක් තෝරාගත් ශ්‍රී ලාංකික සන්නාම පහක් සමඟ ඒකාබද්ධ විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ අත්කම් ක්ෂේත්‍රය ගෝලීය තලයට ඔසවා තැබීමේදී ආචාරධාර්මික වෙළඳාම සහ නිර්මාණ සහයෝගීතාවයේ කාර්යභාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

“අත්කම් අපනයනය දෙස බහුවිධ ලෙස බැලීමට දැන් කාලය එළැඹ ඇත,” අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවසීය. “ශ්‍රී ලංකාව ඇදහිය නොහැකි තරම් ශිල්පීය දක්ෂතා සම්භාරයක් ඇති රටක් වන නමුත් අපගේ නිර්මාණකරුවන්ට සහ ශිල්පීන්ට ගෝලීය වශයෙන් ඔවුන්ගේ ව්‍යාවසායකත්වය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය වෙළඳපොළ ප්රවේශය බොහෝ විට නොමැති අතර මෙම සහයෝගීතාව ඒ සදහා අවස්ථාවක් වනු ඇත.”
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ජාත්‍යන්තර සැපයුම් දාමයන්ට ඒකාබද්ධ කිරීම මගින් අපනයන පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවේ අත්කම් සම්ප්‍රදායන් පුළුල් ගෝලීය වෙළඳපල වෙත හඳුන්වා දීම මෙම වැඩසටහනේ අරමුණයි.
“ශ්‍රී ලංකාවේ අත්කම් ක්ෂේත්‍රයේ භාවිතයට නොගත් විභවයක් ඇත,” යුරෝපා සංගමයේ වෙළඳ හා සන්නිවේදන අංශ දේශපාලන ප්‍රධානී ලාර්ස් බ්රෙඩාල් මහතා (Lars Bredal), පැවසීය. “ශ්‍රී ලාංකේය අත්කම් ශිල්පය ‘අපනයනට සූදානම්’ බවට පත් කිරීම ගැන අප සිතා බැලිය යුතුයි- දක්ෂ ශිල්පීන් ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන ආ යුතුයි, ග්‍රාමීය නිෂ්පාදන ඉහළ වටිනාකමක් සහිත ගෝලීය වෙළඳපලට යොමුකළ යුතුයි.”
මෙහිදී පාර්ශවකරුවන් විසින් ශ්‍රී ලංකාව ගෝලීය අත්කම් සහ නිර්මාණකරණයේ සිය ස්ථානය නැවත අර්ථ දැක්විය හැකි ආකාරය පිළිබඳව සොයා බැලීය. යුරෝපීය සහ ශ්‍රී ලාංකේය නිර්මාණකරුවන් සදාචාරාත්මක හවුල්කාරිත්වයන්, තිරසාර නිෂ්පාදනය සහ ඉහළ වටිනාකමක් ඇති වෙළඳපල අවස්ථා පිළිබඳ අත්දැකීම් බෙදා ගත්හ. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහාය ඇතිව මෙම අධ්‍යාපනික වැඩසටහන 2025 මාර්තු 19 සිට 23 දක්වා හැනා මිඩ්ල්ටන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ලන්ඩන් කලා විශ්වවිද්‍යාලයේ (University of Arts London) කථිකාචාර්යවරුන් විසින් පවත්වනු ලැබේ.
“මෙම වැඩසටහන ශ්‍රී ලාංකික හා යුරෝපීය කර්මාන්ත සමඟ වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද පර්යේෂණ හා සම්බන්ධවීමේ ප්‍රතිඵලයකි,” යුරෝපීය සංස්කෘතික සබඳතා ව්‍යාපෘති ප්‍රධානී රොබට් මීඩර් මහතා පැවසීය. “මෙම හවුල්කාරිත්වයන් පෝෂණය කිරීමෙන් තිරසාරභාවය සහ හවුල් වර්ධනය අගය කරන සදාචාරාත්මක වෙළඳාම සඳහා නව ආකෘතියක් අප නිර්මාණය කරමින් සිටිමු.”
ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක ආර්ථිකය හැරවුම් ලක්ෂ්‍යයක පවතින මෙම අවස්ථාව, කර්මාන්ත වෘත්තිකයන්ට, මාධ්‍යවේදීන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට ආචාරධාර්මික ශිල්පීය හා අපනයන නවෝත්පාදනයන්ගේ අනාගතය සමඟ සම්බන්ධ වීමට මෙම වැඩසටහන වේදිකාවක් සපයනු ඇත.
Creative Sri Lanka 2030 යනු නව නිපැයුම්, තිරසාරභාවය සහ ගෝලීය වෙළඳපොළ ප්‍රවේශය පෝෂණය කරමින් රටේ නිර්මාණාත්මක කර්මාන්ත සවිබල ගැන්වීම සඳහා කැප වූ ජාතික වැඩසටහනකි. දිගුකාලීන වර්ධනය සහ ජාත්‍යන්තර පිළිගැනීම සහතික කරමින් උපායමාර්ගික සහයෝගීතාවන් සහ ධාරිතා වර්ධනය කිරීමේ ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලාංකේය කලාවන්, අත්කම් සහ නිර්මාණකරණය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ අරමුණයි.