
QR කේත භාවිතය තුළින් තම ව්‍යාපාරයේ අලෙවි අවස්ථා වැඩි දියුණු කර ගැනීම සඳහා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යවසායිකාවන් හට QR කේත සකස් කර දීමේ පුහුණු වැඩමුළුවක් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියත්, ගම්පහ HNB බැංකුවත් එක්ව මාර්තු 19 වැනි දින සංවිධානය කරන ලදී.
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යවසාය සංවර්ධන නිලධාරී සමන්ති රත්නායක මහත්මිය විසින් මෙය සංවිධානය කරන ලදි
මෙම වැඩසටහනේදී QR කේත පිළිබඳ දැනුවත් කිරීමත්, ඒ හරහා තම අලෙවි අවස්ථා වර්ධනය කරගැනීමත්, MOMO card paying machine පිළිබඳ හඳුන්වා දීමත් සිදු කරනු ලැබුණු අතර අවශ්‍යතාවය අනුව එම යන්ත්‍ර ලබාගැනීමට අවස්ථාවත් එදිනම උදාකර දෙනු ලැබී ය.
