මාතලේ කුළුබඩු සංචාරක ගම්මානයේ ආරම්භය සනිටුහන් වේ

Spread the love

ලංකාවේ සමුපකාර ක්ෂේත්‍රයේ සහ ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, “මාතලේ කුළුබඩු හා නකල්ස් සංචාරක කලාප බිහිදොර සඳහා විශේෂිත සමූපකාර ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපෘතිය” සඳහා යෝජිත භූමිය නිරීක්ෂණය සහ ඊට අදාළ ව්‍යාපෘති වාර්තාව පිළිගැන්වීම අද (17) දින මාතලේදී සිදු කෙරිණි.

සීමාසහිත මාතලේ සමුපකාර ප්‍රාදේශීය ග්‍රාමීය බැංකු සමිතිය, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, ග්‍රීන් ක්ලයිමේට් ෆන්ඩ් (Green Climate Fund) මඟින් ක්‍රියාත්මක වන “නකල්ස් ව්‍යාපෘතිය” සහ ප්‍රාදේශීය ග්‍රාමීය බැංකු පද්ධතිය එක්ව මෙම ව්‍යාපෘතිය සඳහා ඒකාබද්ධ දායකත්වය සැපයීමට අපේක්ෂා කෙරේ.

මෙරට සාම්ප්‍රදායිකව අපනයනය කෙරෙන ගම්මිරිස්, කුරුඳු, කහ, සාදික්කා සහ කෝපි වැනි භෝගයන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ඒවායේ අගය එකතු කළ නිෂ්පාදන දියුණු කිරීම (උදා: රතු ගම්මිරිස්, කුරුඳු කුඩු, සාදික්කා වයින් වැනි නිෂ්පාදන) සහ දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ තුළ ඉහළ මිලක් දිනා ගැනීම මෙහි මූලික ඉලක්කයකි.

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගන්නා මාතලේ දිස්ත්‍රික්කයට ආවේණික ඓතිහාසික, පාරිසරික සහ සංස්කෘතික උරුමයන් (නකල්ස් කඳුකරය, සීගිරිය, දඹුල්ල) පදනම් කරගනිමින් කුළුබඩු වගාව ආශ්‍රිත නව සංචාරක අත්දැකීම් (Agro-Tourism) හඳුන්වා දීම මෙමඟින් සිදුකෙරේ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *