ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි

Spread the love

වසර හතරක් තුළ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී 63.9ක් දක්වා ඉහළ ගියේය. උත්සව සමයේ ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යෑමෙන් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදුවූ සැලකිය යුතු වර්ධනය පිළිබිඹු කරමින් සියලුම උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂව ඉහළ ගියේය.

විශේෂයෙන්, ආහාර පාන සහ රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංශ තුළ නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල වර්ධනය, සමස්ත දර්ශකයේ වර්ධනයට ප්‍රධාන දායකත්වයක් ලබා දෙනු ලැබීය. තවද, නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑමට අනුකූලව, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනීම් මාසය තුල දී වර්ධනයක් වාර්තා කළේය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මාර්තු මාසයේ දී ද ඉහළ මට්ටමක පැවතුණි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *