2018 මට්ටමට එන්න තව අවුරුදු දෙකක්වත් යයි – මහ  බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

Spread the love

රටක් බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණදුන් පසු යළිත් එම රට යථා තත්ත්වයට පත් වීමට වසර කිහිපයක් ගත වන බව මහ  බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

‍ඔහු පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති ආර්ථික අර්බුදමය තත්ත්වයත් සමඟ 2018 වසර මෙන් රට යළිත් යථා තත්ත්වයට පත් වීමට වසර 2ක් වැනි කාලයක් ගත වන බවයි.

“ආර්ථික අර්බුදයක්, ආර්ථිකයක් සංකෝචනය වුනාට පස්සේ විශේෂයෙන්ම මේ වගේ බරපතල ආර්ථික අර්බුදයකට ලක් වුණ රටක්. ඒක අනිත් පැත්තෙන් කලින් හිටපු තත්ත්වෙට පලවෙනි අවස්ථාවට එන්න යම් කිසි වසර කිහහිපයක් ගත වෙනවා. අපි දකින්නේ දැන් ආර්ථික අර්බුදයෙන් පස්සේ පලවෙනි වසර තමයි 2024 වසර 5%ක වර්ධනයක් ඇති වුණේ. අපි 5%ක වර්ධනයක් ආවට 7%කින් සහ 2%කින් අර සංකෝචනය වෙලා තමයි 5% ආවේ. එතකොට අනිවාර්යෙන්ම යතා තත්ත්වයට පත් වෙන්න අපි හිතන්නේ තව අවුරුද්දක් දෙකක් විතර යයි අඩුම වශයෙන්. අර ආර්ථිකයේ ප්‍රමාණය රියල් විවෘත ආර්ථිකය, අනිත් පැත්තෙන් එක්සත් ජනපද ඩොලර් වලින් ගත්තොත් US ඩොලර් GDP එකේ වටිනාකම ක්‍රමානුකූලව ඉදිරියට යයි. තාමත් අර ඒ් පැරණි තිබිච්ච ආර්ථික ඒ ප්‍රමාණය විශාල තත්ත්වයට තාම ඇවිල්ලා නැහැ. ඒක සාමාන්‍යයෙන් ඕනම ආර්ථික අර්බුධයකට පස්සේ කියනවනේ අර යම් කිසි රටේ නිෂ්පාදන ප්‍රමාණය Output loss එකක් වෙනවා. ඒ loss එක recover වෙන්න නැවත යතා තත්ත්වයට පත් වෙන්න යම් කිසි කාලයක් යනවා. මම හිතන්නේ තව අවුරුද්දක්, 2018 මට්ටමට බොහෝ විට ලබන අවුරුද්දේ හෝ එන්න පුළුවන්. නැත්තන් ඊට පස්සේ අවුරුද්දේ. ඒකෙ පුරෝකතනයක් දැනට තාම අපි හරියටම කරලා නැහැ.”

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *