HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ RDB, බැංකු රක්ෂණ සහයෝගිතාවක

Spread the love

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පසුගිය කාල සීමාව පුරා මෙරට ප්‍රමුඛතම බැංකු සමඟ ඇති කරගත් බැංකු රක්ෂණ එකඟතාවන් අතරට තවත් වැදගත් සබඳතාවයක් එක් කරමින් පසුගියදා ප්‍රාදේශීය සංවර්ධන (RDB) බැංකුව සමඟ ද බැංකු රක්ෂණ එකඟතාවයකට මුල පිරීය.

මෙම ක්‍රමෝපායික සබඳතාවය හරහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට RDB බැංකුවේ පුළුල් ග්‍රාමීය ගනුදෙනුකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ජාලයන්ට සිය නව්‍ය රක්ෂණ විසඳුම් පෙළ ඉදිරිපත් කිරීමට ප්‍රවේශය හිමි වනු ඇත.

මෙම එකඟතාවයට අදාළව අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර සහ RDB බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු විසින් සිදු කළ අතර, එම ආයතන දෙකෙහි ඉහළ කළමනාකාරීත්වයද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *