
හරිත ඵලදායිතා (GP) පිළිවෙත් අනුගමනය කරන ආයතන ඇගයීමට සහ ගෞරව කිරීමට 2024 හරිත ඵලදායිතා සම්මාන හඳුන්වා දී ඇත. හරිත ඵලදායිතා සංකල්ප ප්‍රායෝගිකව යෙදීමෙන් ලබාගත් ජයග්‍රහණ ඇගයීමට ලක් කරන මේ ජාතික ප්රයත්නයට එක්වන ලෙස ශ්‍රී ලංකාවේ තත්ත්වයට සහ ඵලදායිතාව අභිවර්ධනය කිරීමේ සංගමය කර්මාන්තකරුවන්ට ආරාධනා කරයි.
ශ්‍රී ලංකා තත්ත්වය හා ඵලදායිතාව අභිවර්ධනය කිරීමේ සංගමයේ සභාපති සුරනි ශාමලී මහත්මිය මෙසේ පැවසුවාය. ”ශ්‍රී ලංකාවේ ව්‍යවසායන් වෙත හරිත ඵලදායිතාවයේ ප්රතිලාභ සහ සංකල්ප පිළිබඳ දැනුම්වත්භාවය ඇති කිරීම අපේ අරමුණයි. තිරසර සංවර්ධනයේ දී හරිත ඵලදායිතාව කොතරම් අගනා දැයි ඒත්තු ගැන්වීම, තරගකාරී වෙළෙඳපොළ ජයගැනීමේදී තත්ත්වය හා ඵලදායිතාව වර්ධනය කිරීමට හරිත ඵලදායිතාවේ නිර්ණායකයන් සහ ජාත්‍යන්තර ප්රමිතීන් වෙත ප්රවේශවීමට අවැසි මඟ පෙන්වීම හරිත ඵලදායිතා සම්මාන 2024 අයදුම්පත් කැඳවීම විවෘත කර තිබේ. හරිත ඵලදායිතා (GP) පිළිවෙත් අනුගමනය කරන ආයතන ඇගයීමට සහ ගෞරව කිරීමට 2024 හරිත ඵලදායිතා සම්මාන හඳුන්වා දී ඇත. හරිත ඵලදායිතා සංකල්ප ප්‍රායෝගිකව යෙදීමෙන් ලබාගත් ජයග්‍රහණ ඇගයීමට ලක් කරන මෙම ජාතික ප්රයත්නයට එක්වන ලෙස ශ්‍රී ලංකා ගුණාත්මකභාවය සහ ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීමේ සංගමය ඔබට ආරාධනා කරයි.

ශ්‍රී ලංකාවේ ව්‍යවසායන් වෙත හරිත ඵලදායිතාවයේ ප්රතිලාභ සහ සංකල්ප පිළිබඳ දැනුම්වත්භාවය ඇති කිරීම බව පැවසුවාය.
තිරසර සංවර්ධනයේ දී හරිත ඵලදායිතාව කොතරම් අගනා දැයි ඒත්තු ගැන්වීම.තරගකාරී වෙළෙඳපොළ ජයගැනීමේදී තත්ත්වය හා ඵලදායිතාව වර්ධනය කිරීමට හරිත ඵලදායිතාවේ නිර්ණායකයන් සහ ජාත්‍යන්තර ප්රමිතීන් වෙත ප්රවේශවීමට අවැසි මඟ සැකසීම හා ඒ ඔස්සේ මෙරට ව්‍යවසායන් නිෂ්පාදන හා සේවා සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ වටිනාකමක් ගලපාගැනීම මෙන්ම මෙරට ව්‍යවසායන් සඳහා ඊළඟ අදියර වෙත ප්රවේශවීමට ඇති බාධක හඳුන්වාදී ඒවා ජයගැනීමට ඔවුන් වෙතින්ම පිළිතුරු සෙවීමට අවස්ථාව සලසා දීමයි. ග්‍රීන් සංකල්පයේ දී වැඩි අවධානයක් යොමු වෙන්නේ ස්වභාවික සම්පත් සුරක්ෂිතතාව සහ ඒවා පරිස්සම් සහගතව භාවිතය මෙන්ම ජලය, වාතය, මෙන්ම පස ඉතාමත් සුරක්ෂිත පිළිවෙත් අනුව අවම ලෙස භාවිතය මෙන්ම නාස්තිය අවම කිරීම සඳහා ප්‍රතිචක්‍රීකරණය සඳහා දක්වන දායකත්වය පිළිබඳව අවධානය යොමු කිරීමයි.
පරිසරයට සිදුවන හානිය හඳුනාගෙන එය පූර්ණ කිරීමට දක්වන දායකත්වය පිළිබඳව මේ ඇගයීමේදී සැලකිලිමත් වෙයි. ඇගයීම සිදුකරන ව්‍යවසායන්ගේ පරිමාණය අනුව කාණ්ඩ තුනකට බෙදේ.
- මහා පරිමාණ – සේවකයින් 250ට වැඩි
- මධ්‍යම පරිමාණ – සේවකයින් 51 – 250
- කුඩා පරිමාණ – සේවකයින් 51 – 0 – 50
තරඟය සඳහා අයදුම් කරන ව්‍යාපාර ව්‍යවසාය ලියාපදිංචි සමාගමක්, අර්ධ රාජ්‍ය හෝ රජය සතු විය යුතුය. වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයක් (EPL) තිබීම විශේෂ සුදුසුකමකි.