
ශ්‍රී ලංකාවේ වැදගත් කාර්යභාරයක් සිදු කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ වර්ධනය සහ සවිබල ගැන්වීම සඳහා වන සිය කැපවීම යළිත් වරක් තහවුරු කරමින්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් පවන්වනු ලබන 2024 SME Development සම්මාන උලෙළේ නිල බැංකු සහකරු ලෙස සම්බන්ධවීමට ලැබීම පිළිබඳ NDB බැංකුව ඉතා ආඩම්බරයෙන් නිවේදනය කර සිටියි.
අඛණ්ඩව දෙවන වරටත් පවත්වන SLIM SME Development සම්මාන උලෙළ, SLIM ආයතනයේ “Restart“ වැඩසටහන යටතේ පුරෝගාමී මුලපිරීමක් වන අතර, අලෙවිකරණය, සන්නාමකරණය සහ විකුණුම් උපායමාර්ග යන අංශයන්ගේ සුවිශේෂී හැකියාවන් පෙන්වනු ලබන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇගයීම සහ නඟාසිටුවීම අරමුණු කරයි.