EDB නැගෙනහිර පළාතේ ව්‍යයවසායකයින් සවිබල ගන්වයි

Spread the love

නැගෙනහිර පළාතේ ව්‍යවසායකයන්ගේ අපනයන හැකියාව ඉහළ නැංවීම සඳහා ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන නව අපනයනකරුවන් සංවර්ධන  කිරීමේ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පෙබරවාරි මස 18 වන දින ශ්‍රි ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ දී (Techno Park of Eastern University, Sri Lank) සාර්ථකව සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ දේශීය ව්‍යාපාරිකයින් අපනයන කර්මාන්තවල ආයෝජනය කිරීමට උනන්දු  කිරීම සහ ඔවුන් මුහුණ දෙන අභියෝග හඳුනාගෙන විසඳීමයි. මීට අමතරව සුළු පරිමාණ අපනයන ව්‍යාපාරිකයින් හඳුනා ගැනීම සහ රාජ්‍ය සහ පුද්ගලික අංශ සහාය ඔස්සේ ඔවුන් සංවර්ධනය කිරීම ද මෙහි එක් අරමුණක් විය.

මෙම අවස්ථාව සඳහා නැගෙනහිර පළාතෙන් අපනයන විභවයක් සහිත ව්‍යවසායකයින් සහ අංකුර ව්‍යවසායකයින් 250 කට ආසන්න සංඛාවක්  සහභාගී විය. ධීවර නිෂ්පාදන, පලතුරු සහ එළවළු, සැකසූ ආහාර, අපනයන සේවා සහ අත්යන්ත්‍ර සහ හස්ත කර්මාන්ත වැනි ජීවන රටා නිෂ්පාදන වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරන ලදි.

එදින වැඩසටහන ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක්,අපනයන කර්මාන්ත සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම විදහා දක්වන ප්‍ර‍දර්ශනයක් සහ ව්‍යාපාර සායනයක් පැවැත්වූ අතර සහභාගිවන්නන්ට වටිනා අවබෝධයක් සහ ජාලකරණ අවස්ථා ලබා දෙන ලදී.

මෙම අවස්ථාව තුළ ව්‍යවසායකයින්ට අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා ප්‍රධාන පාර්ශවකරුවන් ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව පී එල් සී , ශ්‍රි ලංකා ටෙලිකොම්, ශ්‍රි ලංකා රේගුව, කාර්මික තාක්ෂණ ආයතනය, Union Inspection Sri Lanka (Pvt) Ltd, Lanka Shipping & Logistics (Pvt) Ltd, ජාතික පශ්චාත් අස්වනු කළමනාකරණ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI), ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD), ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, කාර්මික සංවර්ධන මණ්ඩලය ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA), කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය (SEDD), ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය (NPS), ජාතික ශිල්ප සභාව (NCC), ශ්‍රී ලංකා රෙදිපිළි හා ඇඟලුම් ආයතනය (SLITA),(IDB) Earth Bound Creations (Pvt) Ltd, Printcare Digital Solutions (Pvt) Ltd, Kiyota Coffee Company (Pvt) Ltd සහ Shades IT Solutions යන ආයතන අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලදී.

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා. අධ්‍යක්ෂ ජනරාල් සී.ඩී.ධර්මසේන මහත්මිය සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනෝමා ප්‍රේමතිලක මහත්මිය ද මෙම අවස්ථාවට එක්විය. ප්‍රාදේශීය පරිපාලනය නියෝජනය කරමින් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ.මුරලිදරන් මහත්මිය, ශ්‍රි ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය එන්.රාජේශ්වරන් මහතා ඇතුළු රාජ්‍ය නියෝජිතයින් සහ පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය නැගෙනහිර පළාතේ ව්‍යාපාරිකයින්ට අපනයන අවස්ථා හඳුනා ගැනීමට, අපනයන කර්මාන්ත පිළිබද අවබෝධය ලබා ගැනීමට සහ ප්‍රායෝගික සබඳතා ස්ථාපිත කරගැනීමට අවස්තාව සපයන ලදී.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *