
AI උත්පාතය මධ්‍යයේ ඩිජිටල් ආර්ථිකය තුළ SMEs සඳහා අවස්ථා ග්‍රහණය කර ගනිමු
කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI) හරහා වැඩි දියුණු කළ මෙහෙයුම් කාර්යක්ෂමතාවයේ / Enhanced operational efficiency සහ වැඩිදියුණු කරන ලද පාරිභෝගික නියැලීමේ ප්‍රතිලාභ / improved customer engagement විශාල සමාගම් භුක්ති විඳින අතර, මෙහිදී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් (Small- and Medium-sized Enterprises SMEs) අත්හැරිය නොහැකිය. ඔවුන් ලොව පුරා ව්‍යාපාරවලින් 90%කට වඩා නියෝජනය කරන අතර ගෝලීය රැකියාවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නිර්මාණය කරයි. එසේම ඔවුන් ආර්ථික වර්ධනයේ සහ රැකියා උත්පාදනයේ වැදගත් ක්‍රියාකාරීන් වේ.
2022 වාර්තාවකින් හෙළි වූයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගෙන් තුනෙන් දෙකක් පමණ මෙම පීඩනය හේතුවෙන් තම පැවැත්ම සඳහා සටන් කරන බවයි. ඔවුන් බොහෝ විට නව තාක්ෂණයන් සඳහා ආයෝජනය කිරීමට සහ අනුගත වීමට ඇති සීමිත හැකියාව මගින් පීඩාවට පත් වී ඇත. මෙම තත්ත්වය තුළ SMEs සඳහා, කෘත්‍රිම බුද්ධිය / Artificial Intelligence – AI යොදා ගැනීම තරඟකාරී වාසියක් පමණක් නොවේ, එය SMEs පැවැත්ම සඳහා තීරණාත්මක අංගයකි.
“කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් AI වැළඳ ගැනීම අත්‍යවශ්‍යයි. විශාල සමාගම් සමඟ වේගයෙන් ගමන් කිරීමට පමණක් නොව, ගෝලීය ආර්ථිකයේ නව අවස්ථා විවෘත කිරීමට සහ තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට එය හේතුවක්” Ant International හි ප්‍රධාන විධායක නිලධාරි Peng Yang පැවසීය.
“පරිසර පද්ධතිය පුරා සිටින පාර්ශ්වකරුවන් සමඟ සමීප සහයෝගීතාවයකින්, අපට AI හි පරිවර්තනීය බලය වගකීමෙන් යුතුව ප්‍රයෝජනයට ගත හැකියි. මෙම ප්‍රවේශය අපට එහි ප්‍රතිලාභ උපරිම කර ගැනීමට පමණක් නොව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු අපගේ හවුල්කරුවන් සවිබල ගැන්වීම කරනවා. එයට සම්බන්ධ ඕනෑම සංකීර්ණතා සහ අවදානම් කල්තියා කළමනාකරණය කරනවා” Peng Yang වැඩි දුරටත් පැවසීය.
සිංගප්පූරුව පදනම් කරගත් Ant International සංචාරක, වෙළඳාම, ඩිජිටල් සේවා සහ ඉන් ඔබ්බට යන අංශ හරහා ව්‍යාපාර සවිබල ගන්වන AI-බලවත් පරිසර පද්ධතියක් / AI-powered ecosystem ගොඩනැගීමට ගෝලීය හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා AI විසඳුම් ඉතා වැදගත් වේ
AI විප්ලවයේ ඉදිරියෙන්ම සිටින Ant International විසින් ඵලදායිතාව ඉහළ නැංවීමට, නවෝත්පාදනයන් මෙහෙයවීමට සහ සංකීර්ණ අභියෝගවලට මුහුණ දීමට ඩිජිටල් පරිවර්තනය සඳහා SMEs සඳහා සහාය වන පරිසර පද්ධති සංවර්ධනය කිරීමේ ප්‍රයත්නයන් මෙහෙයවයි.
Ant International හි නව Embedded Finance අංශය යනු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා මෙම පරිසර පද්ධතිය ගැඹුරු කිරීම සඳහා ආයෝජනය කරන අතිවිශාල අංශය වන අතර, blockchain සහ AI වැනි තාක්ෂණයන් ඔවුන් නිෂ්පාදනවල කොඳු නාරටිය සැකසීමට යොදා ගනී.
බැංකු, ඊ-වාණිජ්‍ය වේදිකා, විද්‍යුත් පසුම්බි සහ fintech startups ඇතුළුව හවුල්කරුවන්ට වඩාත් ප්‍රවේශ විය හැකි සහ ගැලපෙන මුල්‍ය නිෂ්පාදන පුළුල් ප්‍රේක්ෂක පිරිසකට ලබා දීම සඳහා සමාගමේ Credit Tech හැකියාවන් විසින් AI මත පදනම් වූ ණය විසඳුම් සහ නව්‍ය ක්‍රමවේද සකස් කර ඇත. Platform Tech විදේශ විනිමය සහ ද්‍රවශීලතා විසඳුම් ලබා දීම සඳහා විශේෂීකරණය කරයි, එහි AI FX එන්ජිම ව්‍යාපාරවලට හරස් මුදල් ගනුදෙනු ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට උපකාරී වේ.
තවද, Ant International’s Risk Tech විසඳුම්, සවිස්තරාත්මක විසඳුම් කට්ටලයක් පිරිනැමීම සඳහා anti-deepfake, graph computing, large language models – LLM සහ privacy-preserving computing (රහස්‍යතා සුරැකීමේ පරිගණනය) වැනි උසස් AI තාක්‍ෂණයන් භාවිතා කරමින් ආරක්ෂිත ගනුදෙනු පරිසරයක් නිර්මාණය කිරීමට කැපවී සිටී.
ගෝලීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සමඟ නවෝත්පාදන සහ වර්ධනය පෝෂණය කිරීම
ඊ-වාණිජ්‍ය වේදිකාවල ගෝලීය නැගීම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට භූගෝලීය සීමාවෙන් ඔබ්බට ව්‍යාප්ත වීමට සරු බිමක් සපයා ඇති අතර, බාධාවකින් තොරව පාරිභෝගික අත්දැකීමක් පවත්වා ගනිමින් සංකීර්ණ වෙළඳපළවල සැරිසැරීමට ඉඩ සලසන විසඳුම් ඉදිරිපත් කරයි. Ant International හි AI ශක්තීන් සහ විසඳුම් පුළුල් ලෙස පිළිගත් විසඳුම් සමඟ දේශීය මුදල් ගෙවීම් සක්‍රීය කරමින් එවැනි දියුණුවක් ලබා දෙයි.
කැපී පෙනෙන නවෝත්පාදනයන්ගෙන් එකක් වන්නේ Alipay+ වන අතර , එය මුදල් හුවමාරු කිරීමේ අවශ්‍යතාවය ඉවත් කිරීමෙන් හෝ විවිධ ගෙවීම් ක්‍රම භාවිතා කිරීමෙන් සංචාරකයින් සඳහා ගෙවීම් සරල කරයි. එහි ගෝලීය ප්‍රවේශය අග්නිදිග ආසියාව, නැගෙනහිර ආසියාව සහ යුරෝපය වැනි විවිධ ප්‍රදේශ හරහා හුරුපුරුදු, දේශීයව පිළිගත් ගෙවීම් විකල්ප සඳහා පරිශීලකයින්ට ප්‍රවේශය ලබා දෙන අතර ජාත්‍යන්තර සංචාරවල ආතතිය අඩු කරයි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අතර Alipay+ භාවිතය ඉහළ ගොස් ඇත. Alipay+ ප්‍රමුඛ පෙළේ ඊ-පසුම්බි සහ බැංකු යෙදුම් 35ක් සමඟ හවුල් වී ඇති අතර ජාතික ප්‍රමිතිගත QR යෝජනා ක්‍රම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ගොඩනඟා ගෙන ඇති අතර, වෙළඳපොළවල් 66ක මිලියන 90කට අධික වෙළඳුන් බිලියන 1.6ක පරිශීලක ගිණුම් වෙත සම්බන්ධ කරයි.
Antom, Ant International යටතේ, සියලුම ප්‍රමාණයේ වෙළෙන්දන්ට ගැලපෙන ගෙවීම් සහ ඩිජිටල්කරණ සේවා පිරිනමයි. SMEs සඳහා, එය බහුවිධ ගෙවීම් විකල්ප බාධාවකින් තොරව ඒකාබද්ධ කිරීමට තනි API ලබා දෙයි. එහි ප්‍රමිතිගත නිෂ්පාදන සහ ඩිජිටල්කරණය වූ ඇතුල්වීමේ ක්‍රියාවලිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සම්පත් සීමාවන් ආමන්ත්‍රණය කරමින් පුළුල් තාක්ෂණික ගැලපීම් සඳහා අවශ්‍යතාවය අඩු කරයි.
විශාල භාෂා ආකෘති (large language models – LLMs) මත ගොඩනගා ඇති Antom Copilot යනු ගෙවීම් සහ අරමුදල් කළමනාකරණ ක්‍රියාවලීන් විධිමත් කිරීම සඳහා නිර්මාණය කර ඇති ස්මාර්ට් විසඳුම් උපදේශක සහ මෙහෙයුම් සහකාර වේ. එය වෙළඳුන් සඳහා ගෙවීම් නාලිකා ඒකාබද්ධ කිරීමේ කාලය අඩු කිරීමෙන් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරයි.
Ant International යටතේ ඇති තවත් සන්නාමයක් වන WorldFirst , දේශසීමා ගෙවීම් සේවා සහිත SMEs සඳහා සහය දක්වන අතර, මෙම වසරේ ගෙවීම් පරිමාවෙන් මිලියන 100 ඉක්මවමින් SMEs මිලියනයකට වඩා සේවා කර ඇත.
සෑම ආකාරයකින්ම ඩිජිටල් බෙදීම සමනය කිරීම
AI යෙදවීම ගෝලීය වාණිජ්‍යය වඩාත් ප්‍රවේශ විය හැකි බවට පත් කර ඇති අතර, බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, (විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින කලාපවල) ඩිජිටල් යටිතල පහසුකම්, පුහුණුව සහ අධ්‍යාපනය සම්බන්ධ බාධකවලට මුහුණ දෙන විට ඩිජිටල් බෙදීම සැලකිය යුතු අභියෝගයක් ලෙස පවතී. කුඩා ව්‍යාපාර සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙන ලෝකයක AI විසඳුම් යෙදවීම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට මෙහෙයුම් පුළුල් කිරීමට, ගෝලීය වෙළඳපොළට ප්‍රවේශ වීමට සහ ක්‍රියාවලීන් විධිමත් කිරීමට අවස්ථාවන් ලබා දෙයි.
“මෙහෙයුම්වලට AI ඇතුළත් කිරීමෙන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පරතරය වසා දැමීමට ප්‍රබල අවස්ථාවක් ලැබී ඇති අතර, වර්තමාන ඩිජිටල් ආර්ථිකය තුළ වඩාත් සම මට්ටමේ ක්‍රීඩා පිටියක තරඟ කිරීමට ඔවුන් බල ගන්වා තිබෙනවා. මෙම අභිලාෂකාමී දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා AI හි ප්‍රතිලාභ පුළුල් ලෙස ප්‍රවේශ විය හැකි සහ සැමට වාසිදායක බව සහතික කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ හරහා ශක්තිමත් සහයෝගීතාවයක් මෙන්ම හරස් අංශ හවුල්කාරිත්වයක් අවශ්‍යයි” යැං පැවසීය.
කර්මාන්ත හවුල්කරුවන් සමඟ සහයෝගයෙන්, Ant International විසින් 2024 නොවැම්බර් මාසයේදී ආසියාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ව්‍යවසායන් සඳහා MSME තිරසාර බලපෑම් ලකුණු කාඩ්පත (MSME S-Card) හඳුන්වා දෙන ලදී. මෙම මෙවලම පාරිසරික සහ සමාජීය බලපෑමේ මූලිකාංග නිරීක්ෂණය කරයි.
2024 ජූලි මාසයේදී Ant International නිවේදනය කළේ සිංගප්පූරුවේ සහ අවට කලාපයේ PETs සංවර්ධනය කිරීම සඳහා NTU සිංගප්පූරුවේ ඩිජිටල් භාර මධ්‍යස්ථානය / Digital Trust Centre සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි. මෙම තාක්ෂණයන් ව්‍යාපාරවලට ඔවුන්ගේ දත්තවලින් වැඩි වටිනාකමක් අගුළු ඇරීමට සහ වැඩි භාවිත අවස්ථා නිර්මාණය කිරීමට උදවු කිරීම අරමුණු කරයි. AI සඳහා PETs සංවර්ධනය කිරීම ඩිජිටල් විශ්වාසය වැඩි කරන අතර AI වඩාත් විශ්වාසදායක කරයි.
source; bbc.com