එක්සත් ජනපද තානාපතිනිගෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට වැදගත් පණිවුඩයක්

Spread the love

2025 වසරේ දී අමෙරිකාව ඇඟලුම් නිෂ්පාදන අංශයෙන් ඩොලර් බිලියන 365ක ආදායමක් උපයා ගනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් මහත්මිය පවසයි.

පසුගියදා ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් එක්සත් ජනපද තානාපතිනිය මේ බව කියා සිටියාය.

එසේම නැව්ගත කිරීමේ කාලය අඩුවීම, අඩු තීරුබදු සහ එක්සත් ජනපදයේ මෙහෙයුම් ස්ථාපිත කිරීමෙන් වෙළෙඳපළ ඉල්ලුමට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලැබිය හැකි බවත් ඇය පෙන්වා දුන්නාය.

අමෙරිකා එක්සත් ජනපදයේ නව පරිපාලනය ව්‍යාපාර සඳහා විවෘත බවත්, ඉදිරියට නව ආයෝජන සහ ව්‍යාපාර ක්‍රියාකාරකම්වල ඉහළ යාමක් අපේක්ෂා කරන බවත් ඇයව සඳහන් කළාය.

අමෙරිකාවේ ආයෝජනය කිරීම උපායමාර්ගික ව්‍යාපාරික පියවරක් මෙන්ම ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික සමාගම් සඳහා වඩාත් ඔරොත්තු දෙන සහ තරඟකාරී අනාගතයක් ගොඩනැගීමට අවස්ථාවක් බව එක්සත් ජනපද තානාපතිනිය තවදුරටත් සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ වත්මන් රජය යහපාලනය ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහයන් තානාපතිනිය ඇගයීමට ලක් කළ අතර, විදේශීය ආයෝජකයින් පිරිසිදු හා විනිවිද පෙනෙන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව අවධාරණය කළාය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *