
බහු මුදල් මණ්ඩලයේ (Multi-Currency Board– MCB) කොටස් ලැයිස්තුගත කිරීමෙන් රැස් කරන ලද විදේශ මුදල් වලින් නම් කරන ලද අරමුදල් / foreign currency-denominated funds නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කිරීම පිළිබඳව සලකා බලන ලෙස කොළඹ කොටස් හුවමාරුව (Colombo Stock Exchange – CSE) ශ්‍රී ලංකා මහ බැංකුවෙන් (Central Bank of Sri Lanka – CBSL) ඉල්ලීමක් කර තිබේ.
CSE සභාපති ඩිල්ෂාන් විරසේකර මහතා හෙළි කළේ, 2018 දී CSE විසින් දියත් කරන ලද MCB කෙරෙහි ඇති උනන්දුව, CBSL හි විදේශ විනිමය පාලන රෙගුලාසි මගින් පනවන ලද සීමාව හේතුවෙන් අඛණ්ඩව දුර්වල මට්ටමක පැවති බවයි.
මෙම රෙගුලාසි මගින් MCB හි කොටස් ලැයිස්තුගත කිරීමෙන් රැස් කරන ලද විදේශ මුදල් වලින් නම් කරන ලද අරමුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීම, රැස් කරන ලද ආදායමෙන් 60% කට සීමා කරයි.
“MCB සඳහා ඇති උනන්දුව ඉතා දුර්වලයි, මේ දක්වා ලැයිස්තුගත කිරීම් කිසිවක් නැහැ. විශාලතම බාධාව වන්නේ රැස් කරන ලද අරමුදල්වලින් 60%ක් පමණක් විදේශයන්හි යෙදවීමට ඉඩ සලසන සීමාවක් වන අතර එමඟින් වර්තමානයේ භාවිතය වළක්වයි,” ඔහු පැවසීය.
මෙම 60% සීමාව විදේශීය සහ දේශීය සමාගම් MCB හි විදේශ මුදල් වලින් නම් කරන ලද කොටස් ලැයිස්තුගත කිරීම සඳහා ආකර්ෂණය කර ගැනීමට සැලකිය යුතු බාධාවක් බව ඔහු විස්තර කළේය.
එබැවින්, දේශීයව රැස් කරන ලද විදේශ මුදල් වලින් 90%ක් දක්වා විදේශයන්හි යෙදවීමට ඉඩ සලසමින්, MCB සම්බන්ධයෙන් නීති ලිහිල් කිරීම සලකා බලන ලෙස CSE, CBL වෙතින් ඉල්ලා ඇත.
පසුගිය වසරේ මාලදිවයින් සමාගම් කිහිපයක් CSE MCB හි ලැයිස්තුගත කිරීම සඳහා කැමැත්ත පළ කළ ද, මාලදිවයිනේ මූල්‍ය තත්ත්වය හේතුවෙන් එම සමාගම් ඉන් ඉවත් වූ බව විරසේකර තවදුරටත් පෙන්වා දුන්නේය.
2022 පෙබරවාරි 14 දිනැති CSE චක්‍රලේඛ අංක 2-02-2022 ට අනුව, 2021 ජූලි 6 දිනැති අංක 2235/22 දරන අතිවිශේෂ නිවේදනය මගින් සංශෝධිත 2017 පෙබරවාරි 3 දිනැති අංක 2213/35 දරන අතිවිශේෂ නිවේදනයේ ප්‍රකාශයට පත් කරන ලද 2021 අංක 2 දරන විදේශ විනිමය (ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිකරුවෙකු විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද ප්‍රාග්ධන ගනුදෙනු පන්ති) රෙගුලාසි අනුව, MCB හි කොටස් ලැයිස්තුගත කිරීමෙන් උපයන ආදායම පහත සීමාවන්ට යටත් වේ.
අනේවාසික ආයෝජකයාගේ ආමුඛ ආයෝජන ගිණුම (Inward Investment Account- IIA) හරහා ලැබෙන ඕනෑම නම් කරන ලද විදේශ මුදල් ඒකකයකින් නිකුත් කරන ලද ලැයිස්තුගත කොටස්වල ආයෝජනයේ ප්රතිපාදනය, ආයෝජකයා විසින් බලයලත් අලෙවිකරුවෙකු සමඟ විවෘත කර පවත්වාගෙන යනු ලබන විශේෂ විදේශ මුදල් ගිණුමකට (Special Foreign Currency Account – SFCA) බැර කරනු ලැබේ.
ශ්‍රී ලංකාවෙන් පිටත ආයෝජකයාගේ ඕනෑම ප්‍රාග්ධන ගනුදෙනුවක් සඳහා භාවිතා කළ හැක්කේ ඉහත සඳහන් කළ ආදායමෙන් 60% කට සමාන මුදලක් පමණි.
source:https://www.themorning.lk