2025 අයවැය රටට සුබදායී අයවැයක් – මහ බැංකු අධිපති

Spread the love

ජනාධිපතිවරයා ඊයේ ඉදිරිපත් කළ අයවැය ඇතැමුන් IMF අයවැයක් ලෙස හැදින්වූවත්, එය රටට සුබදායී අයවැයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අද (18) කොළඹ පැවැති පශ්චාත් අයවැය සාකච්ඡාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා සිටියේය.

“ඉලක්ක දෙස බැලුවාම මේ වතාවේ ඒ පිළිබඳ වැඩි විශ්වාසනීයත්වයක් තැබිය හැකියි. රුපියල් ට්‍රිලියන 5ක ආදායම් ඉලක්කයක් සහ 2.3%ක ප්‍රාථමික අතිරික්තයක් අපේක්ෂා කළත්, මගේ අපේක්ෂාවන් අනුව එය ප්‍රමාණය ඉක්මවා ගිය ක්‍රියාකාරීත්වයක්. ඒ වගේම රජයේ සුරැකුම්පත් සඳහා වූ කෙටිකාලීනව පැන නගින පීඩනයන් අවශෝෂනය කරගැනීම සඳහා ආරක්ෂණ යෙදීමද වැදගත්. එමගින් අපේ මූල්‍ය ප්‍රතිපත්තිය අනුව ස්ථාවර පොලී අනුපාත පවත්වාගෙන යාමට හැකියාවක් ලැබේවි. ඇතැමුන් කියන විදියට IMF අයවැයක් ගැන කතා කළොත්, වසර ගණනක් තිස්සේ IMF සමග සාකච්ඡාවලට සහභාගී වූ අයෙකු විදියට මට කියන්න පුළුවන් මේ වතාවේ රටක් විදියට සමස්ත ආර්ථික ස්ථාවරත්වයක් උදෙසා නිවැරදි මාර්ගයේ ගමන් කිරීම සඳහා බාහිර පාර්ශ්වකරුවන්ට ලබාදී ඇති ප්‍රතිඥාවන් වෙනස් වී නොමැති බව. පරිපාලනයේ වෙනසක් සිදුවුවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල දිශානතිය වෙනස් නොවීම සතුටට කරුණක්. මගේ අදහස හැටියට එය අනිවාර්යයෙන් සිදුවිය යුත්තක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරකරණ වැඩසටහනේ පරාමිතීන් අනුව කටයුතු කිරීම රජයේ වගකීමක් වගේම එය සුබවාදී ලකුණක් හැටියටයි මම දකින්නේ. මම දකින විදියට මේක IMF අයවැයක් නොව , රටට හොඳ අයවැයක්”

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *