
2025 ජනවාරි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2025 ජනවාරි මාසයේදී 59.0ක දර්ශක අගයක් වාර්තා කළේය. මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශක ධනාත්මක ලෙස දායක විය.

සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංශයේ බොහෝ දෙනෙක් ජනවාරි මාසයේ දී සිය ක්‍රියාකාරකම්වල වර්ධනයක් වාර්තා කළ අතර, එය නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්ති සහ තොග මිලදී ගැනුම් උප දර්ශකවල වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක විය. මෙයට අමතරව, දෙසැම්බර් මාසයේ උත්සව සමය නිමවීමෙන් අනතුරුව වුවද ආහාර සහ පාන නිෂ්පාදන අංශය තවදුරටත් යහපත් ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේය. මේ අතර, නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ යෑමට සමගාමීව, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ද ජනවාරි මාසයේදී තවදුරටත් ඉහළ ගියේය.

