පශු කර්මාන්තයේ යෙදෙන ගොවීන්ගේ ප්‍රතිලාභ ඉහ දැමීමට පියවර

Spread the love

ගොවි ජනතාව වැඩි වැඩියෙන් සත්ව පාලනයට යොමු කිරීමේ පරමාර්ථය මත පශු සම්පත් යෝජනා ක්‍රමයෙන් ගවයින් සහ එළුවන් සඳහා වන රක්‍ෂණ ක්‍රියාවලිය තවදුරටත් සක්‍රීය කර ඇත.

මෙහිදී සත්ව පාලනයේ යෙදෙන ගොවීන්ට රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ අයකරනු ලබන අඩුම වාරික මුදල අයකිරීම මඟින් ගවයන් සහ එළුවන් සඳහා මෙම රක්‍ෂණ ආවරණ ලබාදීම සිදුවේ.

ඉහත සතුන් මියයාමකදී හෝ පුර්ණ ලෙස බෙලහීන වීමකදී රක්ෂිත මුදල ගෙවීමට කටයුතු කෙරේ. ගව රක්ෂණය සඳහා ගවයාගේ වෙළඳපොල වටිනාකමින් 3% – 4% අතර රක්ෂණ වාරිකයකුත්, එළුවන් සඳහා උපරිමය 7% ක රක්ෂණ වාරිකයකුත් අය කරනු ලැබේ. මේ යටතේ ගොවි මහත්ම මහත්මීන් විසින් ඇති කරනු ලබන සියලුම සතුන් සඳහා රක්ෂණ ආවරණය ලබා ගැනීමට හැකියාව පවතී .
මේ සම්බන්ධ වැඩි විස්තර දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් කාර්යාල සම්බන්ධ කර ගැනීමෙන් ලබා ගැනීමට හැකිය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *