‘පරාටේ නීතිය යළි ක්‍රියාත්මක වීම’ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Spread the love

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී තිබුණු සහන කාලය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා රජය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පුනර්ජීවනය සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් කැපවී සිටින බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය 2025 මාර්තු 31 දිනෙන් අවසන් විිය.

ඒ අනුව 2025 මාර්තු 31 දින හෝ ඊට පෙර සහන පියවර සාකච්ඡා කළ රුපියල් මිලියන 25ට අඩු ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 දෙසැම්බර් 31 වන දා දක්වා මෙම සහනය හිමිවනු ඇත.

මේ අතර, රුපියල් මිලියන 25ත් 50ත් අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීමක් ලබා දුන් අතර, රුපියල් මිලියන 50 ඉක්මවන අයට ආධාර ලබා ගැනීම සඳහා 2025 ජුනි 30 දක්වා අවසාන දින දීර්ඝ කිරීමක් ලැබුණි. 

මෙම ප්‍රතිලාභ 2025 මාර්තු 31 වන දිනට පෙර බැංකු සමඟ සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පමණක් බව ද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *