ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

Spread the love

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2025 ජනවාරි 28 වැනි දින පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යෑමට තීරණය කළේය. වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.

මැදිකාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත. පෙර පුරෝකථනය කළ පරිදි දැනට පවතින අවධමන තත්ත්වය ප්‍රධාන වශයෙන් බලශක්තිය සඳහා වන පරිපාලිත මිල ගණන් පහළ යෑමෙහි ප්‍රතිඵලයක් බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය නිරීක්ෂණය කළේය. උද්ධමනයේ මෙම ප්‍රවණතාව ඉදිරි මාස කිහිපය තුළදී පවතිනු ඇති අතර, ඉන් අනතුරුව 2025 වසරේ දෙවන භාගය තුළදී උද්ධමනය අපේක්ෂිත මට්ටම කරා ගමන් කිරීම ආරම්භවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *