
කොළඹ කොටස් වෙළෙඳපොළ 2025 ජනවාරි මාසයේ දී 7.39%ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී තිබේ.
වසර ආරම්භයේ දී ඒකක 15,944.61 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය අද (31) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 17,122.7ක් දක්වා ඒ අනුව ඉහළ ගොස් තිබුණි. මෙය මෙතෙක් ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගයය ද වේ.
අද දිනයේ දී රු. බිලියන 5.15ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා ව ඇත.
එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 5.04 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.63ක් ලෙසින් සටහන්ව ඇති අතර විදේශීය මිල දී ගැනීම රු. මිලියන 118ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 524ක් ලෙසින් වාර්තා වේ.
