2025 මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළට

Spread the love

2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරයි. මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6,933.35 කි.එය 2024 එම කාලයට සාපේක්ෂව 7.14% ක වර්ධනයකි.

2025 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,386.66 විය.  මෙය 2024 මැයි මාසයට සාපේක්ෂව 6.35% ක වාර්ෂික වර්ධනයකි. එය ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ සාධනිය මට්ටම සහ වෙළඳපල විවිධාංගීකරණය කිරීමටත්, තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමටත් ගත් උපායමාර්ගික උත්සාහයන්ගේ ධනාත්මක බලපෑම පිළිබිඹු කරයි.

2025 මැයි මාසයේදී පමණක්, වෙළඳ භාණ්ඩ අපනයනය වාර්ෂිකව 1.70% කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,028.52 ක් දක්වා ළඟා වී ඇත. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්ත වලට අනුව, එම සංඛ්‍යාවට මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සදහා වූ ඇස්තමේන්තුගත ආදායම ද ඇතුළත් වේ. 2025 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 5,344.23 කි. එය 2024 එම කාලයට සාපේක්ෂව 5.46% ක වැඩිවීමකි.

සේවා අපනයනය සමස්ත අපනයන වර්ධනයට  ප්‍ර‍ධාන ශක්තියක් වි ඇත. 2025 මැයි මාසයේදී සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 358.14 කි. වසරේ මුල් මාස පහ තුළ සේවා අපනයන 13.20% කින් වර්ධනය වී ඇත.  එය ඇමරිකානු ඩොලර් මිලියන 1,589.12 කි. මෙම ප්‍ර‍වණතාවය ශ්‍රී ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකය වර්ධනය වීමේ වැදගත්කම පිළිබිඹු කරයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT)/ව්‍යාපාර කළමනාකරණ (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම් යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂ්‍රේත්‍ර‍ය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීම අඛණ්ඩව සිදු කරයි.

වගුව 1: නිෂ්පාදන අනුව වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම ( we’ fvd’ මි )

භාණ්ඩ සහ සේවා අපනයනයජන-මැයි 2024ජන– මැයි 2025% වර්ධනය (24-25)මැයි 2024මැයි 2025% වර්ධනය (24-25)
ඇඟලුම් සහ රෙදිපිළි1,956.652,136.749.20390.29388.81-0.38
තේ565.28610.107.93115.04131.8114.58
රබර්  ආශ්‍රිත නිෂ්පාදන416.20386.03-7.2581.1773.60-9.33
පොල් ආශ්‍රිත නිෂ්පාදන337.06427.6926.8969.7392.9733.33
දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ182.91154.31-15.6329.7631.405.53
ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික සංරචක168.82167.26-0.9230.8838.0223.12
කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන112.93173.6453.7625.4830.6420.25
සැකසූ ආහාර පාන වර්ග200.95231.5115.2142.2249.4917.22
මුහුදු ආහාර108.0988.50-18.1232.1913.56-22.11
විසිතුරු මසුන්10.538.02-23.842.020.86-57.43
එළවළු12.0211.97-0.422.311.86-19.48
පළතුරු15.8817.178.122.643.2422.73
වෙනත් අපනයන බෝග30.3331.253.037.0611.2058.64
මල් සහ ශාක පත්‍ර6.065.45-10.071.120.75-33.04
බෝට්ටු නිෂ්පාදන11.1521.2390.400.090.50455.56
ඛනිජ තෙල් නිෂ්පාදන460.37390.78-15.1290.5866.47-26.62
වෙනත්472.14482.622.2288.7285.50-3.63
මුළු වෙළඳ භාණ්ඩ අපනයනය5,067.365,344.275.461,011.301,028.521.70
තොරතුරු තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය578.86602.594.10109.21128.2317.42
ඉදිකිරීම්99.8768.84-31.0719.6718.77-4.60
මූල්‍යමය සේවා30.6722.69-26.036.865.00-27.14
ප්‍රවාහන සහ කාර්යෝපාය සේවා694.39895.0128.89156.88206.1431.40
සම්පූර්ණ සේවා අපනයන1,403.791,589.1213.20292.61358.1422.39
මුළු අපනයන6,471.156,933.397.141,303.911,386.666.35

වගුව 2: ඉහළම අපනයන ගමනාන්ත 15 හි වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

රටජන-මාර්තු 2024ජන-මාර්තු 2025% වර්ධනය (24-25)මාර්තු 2024මාර්තු 2025% වර්ධනය (24-25)
1එක්සත් ජනපදය1117.561182.655.82222.62216.67-2.67
3ඉන්දියාව311.80409.7431.4172.4175.334.03
 එක්සත් රාජධානිය377.73392.293.8572.5668.37-5.77
4ඉතාලිය250.92256.762.3352.3351.05-2.45
5ජර්මනිය255.04278.339.1350.0350.891.72
6එක්සත් අරාබි එමීර් රාජ්‍යය141.02127.49-9.5926.2924.59-6.47
7නෙදර්ලන්තය144.96179.2623.6630.8836.7619.04
8ප්‍රංශය106.99107.720.6822.0522.913.90
9කැනඩාව126.01124.82-0.9422.4423.695.57
10චීනය101.21112.5811.2318.1023.8131.55
11ඕස්ට්‍රේලියාව96.08100.284.3717.7319.8411.90
12බෙල්ජියම91.3793.802.6619.3116.60-14.03
13තුර්කිය55.5846.66-16.0513.1910.69-18.95
14ජපානය71.1475.045.4814.3116.8417.68
15ස්විට්සර්ලන්තය76.7178.191.9321.1412.78-39.55
 වෙනත් වෙළඳපොළ472.14482.622.2288.7285.50-3.63
එකතුව5,067.365,344.275.461,011.301,028.521.70

වගුව 3: කලාපය අනුව වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

කලාපයජන-මැයි 2024ජන– මැයි   2025% වර්ධනය (24-25)මැයි  2024මැයි 2025% වර්ධනය (24-25)
NAFTA රටවල්1,313.851,371.334.37255.87252.62-1.27
යුරෝපා සංගමය (EU) (එක්සත් රාජධානිය හැර)1,085.021,181.478.89220.06231.965.41
දකුණු ආසියාව493.35537.809.01126.4396.57-23.62
මැද පෙරදිග රටවල් (සයිප්‍රසය සහ ඊජිප්තුව හැර)425.22437.942.99292.62300.332.63
අප්‍රිකානු රටවල්118.92155.5430.7925.0730.6722.34
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN)133.53161.4520.9123.5647.80102.89
CIS රටවල්111.91109.01-2.5924.4422.56-7.69
වෙනත්472.14482.622.2288.7285.50-3.63
මුළු වෙළඳ භාණ්ඩ අපනයනය5,067.365,344.275.461,011.301,028.521.70

ප්‍ර‍තිපත්ති සහ උපායමාර්ගික සැලසුම් අංශය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, 26.06.2025

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *