
ඇසුරුම්කරණ කර්මාන්තයේ / packaging industry කලාපීය ප්රමුඛයෙකු වන Printcare සමාගම ඉන්දියාවෙන් පසු සිය දෙවන විදේශ ආයෝජනය නැගී එන අප්‍රිකානු යෝධයෙක් වන කෙන්යාවේ සිදුකර ඇත. මෙම උපායමාර්ගික ව්‍යාප්තිය කෙන්යාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකය සහ තේ සහ ඇඟලුම් වැනි ප්‍රධාන අපනයන සඳහා උසස් තත්ත්වයේ ඇසුරුම් සඳහා ඇති ඉල්ලුම මගින් මෙහෙයවනු ලැබේ.
Printcare හි නව ආයෝජනය රැකියා නිර්මාණය, කුසලතා සංවර්ධනය සහ අප්‍රිකානු ව්‍යාපාර සඳහා අපනයන තරඟකාරිත්වය වැඩි දියුණු කරන ලෝක මට්ටමේ ඇසුරුම්කරණ විසඳුම් හරහා දේශීය ප්‍රජාවන් නඟා සිටුවීම අරමුණු කරයි. ශක්තිමත් දේශීය හවුල්කාරිත්වයක් සහ නවෝත්පාදනයන් කෙරෙහි අවධානය යොමු කරමින්, ලාභ නැවත මෙරටට ගෙන ඒමේ දී Printcare දක්වන කැපවීම සුවිශේෂය.
මෙම සංවාදයේදී Printcare සභාපති කේ.ආර්. රවීන්ද්‍රන්, අප්‍රිකාවේ අනාගතය සඳහා සමාගමේ ගමන, අභියෝග සහ දැක්ම පිළිබඳ තම ඉදිරි දර්ශන පැහැදිලි කරයි.
ප්රශ්නය: Printcare සමාගම ශ්‍රී ලංකාවේ ඇසුරුම් අංශයේ වෘත්තීයභාවය සහ උසස් තත්ත්වය සඳහා ප්‍රසිද්ධ යි. ඔබ ශ්‍රී ලංකවේ හෝ දකුණු ආසියාවේ මෙම ක්ෂේත්රයේ හොඳම සමාගමද ?
මම එහෙම කියන්නේ නැහැ. ඒ හා සමානව හොඳ සහ දක්ෂ තවත් අය ඉන්නවා. කෙසේ වෙතත්, මම අපවම හොඳම, විශාලතම, වඩාත්ම ප්‍රසිද්ධ යනාදිය ලෙස හැඳින්වීමට අකමැතියි. මම බොහෝ විට මාව හඳුන්වා ගන්නේ ‘කුඩා මුද්‍රණ සමාගමක කළමනාකරු’ ලෙසයි!
ප්රශ්නය: ඔබ කෙන්යාවේ සැලකිය යුතු ආයෝජනයක් කර තිබෙනවා. මෙය ඔබේ පළමු විදේශීය ව්‍යාපාරයද?
නැහැ. ඉන්දියාවේ තේ බෑග් ඇසුරුම් වෙළඳපොළ ආධිපත්‍යය දරන හොඳින් ස්ථානගත වූ සමාගමක් අපට තිබෙනවා. කෙන්යාව අපගේ දෙවන විදේශීය ආයෝජනයයි.
ප්රශ්නය: ඔබ කෙන්යාවට ගියේ ඇයි ? , අප්‍රිකාවට ගියේ ඇයි?
බොහෝ ආකාරවලින්, කෙන්යාව අප වසර කිහිපයකට පෙර සිටි ස්ථානය පිළිබිඹු කරනවා. එය අප්‍රිකාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකක්. එසේම කෙන්යාව ඇමරිකා එක්සත් ජනපදයේ සහ තවත් රටවල් කිහිපයක තීරුබදු සහන හරහා ප්‍රතිලාභ ලබනවා. කෙන්යාවේ ප්‍රධාන අපනයන අතර තේ, විසිතුරු ශාක, ඇඟලුම් සහ කෝපි ඇතුළත් වන අතර, ඒ සියල්ලටම ආකර්ෂණය වැඩි දියුණු කිරීම සඳහා ඉහළම මට්ටමේ ඇසුරුම් අවශ්‍යයි. ඊට අමතරව, අප අප්‍රිකාවේ ආයෝජනය කිරීමට නැගෙනහිර අප්‍රිකානු ප්‍රජාව සැලකිය යුතු ආකර්ෂණයක් වූ බව කිව යුතුයි.

Printcare කෙන්යාවේ කර්මාන්ත ශාලාවේ ගුවන් ඡායාරූපයක්
ප්රශ්නය: ඔබ එහිදී මුහුණ දෙන බාධක මොනවාද ? කෙන්යාවේ විදේශීය ආයෝජන සඳහා ඇති බාධක මොනවාද?
ඕනෑම ව්‍යාපෘතියක දී මෙන්, විශේෂයෙන් විදේශ ව්‍යාපෘතියකදී සෑම විටම අභියෝග ඇති වීම සාමාන්‍ය දෙයක්. නමුත් අපේ දැක්ම ක්‍රියාත්මක කිරීම සමඟ සමපාත වන විට, අභියෝග අවස්ථා ලෙස සලකන විට, විශ්වාසය සහ බෙදාගත් වටිනාකම් මත හවුල්කාරිත්වයන් ස්ථාපිත වූ විට සාක්ෂාත් කරගත හැකි දේ මෙම කර්මාන්ත ශාලාවෙන් නිරූපණය වෙනවා. කෙසේ වෙතත්, පළාත් පාලන ආයතන ඉතා සාදරයෙන් අපව පිළිගත් බව මම පැවසිය යුතුයි. අපට එහි විශිෂ්ට කර්මාන්ත ශාලාවක් තිබෙනවා. සියලුම සේවකයින් ඉංග්‍රීසි කතා කරනවා. මේ පසුබිම තුළ අපට විසඳා ගත නොහැකි ගැටලු තිබුණේ නැහැ. අපගේ දෘෂ්ටිකෝණයෙන් විශාලත ම අභියෝගය වූයේ අපගේම අරමුදල් මාරු කිරීමයි. සීමිත පදනමක් මත හැර අපගේ ඩොලර් ඉපැයීම් පවා මාරු කිරීමට අපට සීමා කර තිබෙනවා. මේ ගැන රජය අවධානය යොමු කළ යුතුයි.
ප්රශ්නය: මෙවැනි විදේශ ව්‍යාප්තියකින් අපේම රටට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
මෙවැනි විදේශ ආයෝජනවලින් රටට ප්‍රතිලාභ ගණනාවක් ලැබෙනවා. එයින් තුනක් ගැන පැහැදිලි කරන්නම්. පළමුව, ශ්‍රී ලාංකික සමාගමක් අප්‍රිකාවේ හොඳම ඇසුරුම් කම්හල් වලින් එකක් ස්ථාපිත කරන විට, එය රටක ප්‍රතිරූපය සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරනවා. එය ලෝක මට්ටමේ ගුණාත්මක භාවයක් නිෂ්පාදනය කළ හැකියි. දෙවනුව, එය අපට වෙනත් රටවලින් ඉහළම වෘත්තිකයන් ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලබා දෙන අතර අපගේ දේශීය ශ්‍රම බලකායට ස්වයංක්‍රීයව ප්‍රතිලාභ ලබා දෙනවා. තෙවනුව, අපි ලාභ නැවත සිය රටට ගෙන යන අතර එය ඥානවන්ත ආයෝජනයක් බවට පත් කරනවා.
ප්රශ්නය: කෙන්යානු සමාගම Printcare PLC හි පූර්ණ හිමිකාරීත්වය දරන අනුබද්ධිත ආයතනයක්ද?
ඔව්, අපට ව්‍යාපාරයේ 70%ක කොටස් ප්‍රමාණයක් තිබෙනවා. අපට ටැන්සානියාවෙන් සුළු හවුල්කරුවෙකු සිටිනවා. එම හවුල්කරු වන Karimjee Jivanjee සමූහය ශ්‍රී ලංකාව තුළ හොඳින් සම්බන්ධ වී ඇති, කීර්තිමත් සහ ගෞරවනීය සමාගමක්. නැගෙනහිර අප්‍රිකාව පිළිබඳ ඔවුන්ගේ සම්බන්ධතා සහ දැනුම සමඟ ඔවුන් අපේ සමාගමට සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයට සැලකිය යුතු වටිනාකමක් එක් කරනවා. ඔවුන්ගේ මෙහෙයුම් බහු අංශ සහ කර්මාන්ත පුරා විහිදෙන අතර, විවිධ හවුල්කරුවන් සමඟ වැඩ කිරීමේ සැලකිය යුතු අත්දැකීම් ඔවුන්ට තිබෙනවා.
ප්රශ්නය: ඔබ අප්‍රිකාවේ කුමන ආකාරයේ ඇසුරුම්කරණයක් කරනු ඇත්ද?
අපි ඇමරිකානු වෙළඳපොළ සඳහා premium mono cartons, corrugated boxes, තේ බෑග් ඇසුරුම් සහ උසස් තත්ත්වයේ කඩදාසි බෑග් නිෂ්පාදනය කරනවා. අපි ගනුදෙනුකරුවන්ගේ නිශ්චිත අවශ්‍යතාවලට අනුවර්තනය වෙනවා.
ප්රශ්නය: ඔබ පිරිනමන ගුණාත්මක ඇසුරුම්කරණයෙන් කෙන්යාව හෝ අප්‍රිකාව ප්‍රතිලාභ ලබන්නේ කෙසේද?
පළමුවෙන්ම සහ ප්‍රධාන වශයෙන්, එය අප්‍රිකාව පුරා ලබා ගත හැකි ඇසුරුම්කරණයේ ගුණාත්මකභාවය ඉහළ නංවන බව පැහැදිලියි. හොඳ ඇසුරුම්කරණය නිෂ්පාදන ආරක්ෂා කරනවා පමණක් නොව ඒවායේ පෙනුම ද වැඩි දියුණු කරනවා. ඒවා පාරිභෝගිකයින්ට වඩාත් ආකර්ශනීය කිරීම සහ තරඟකාරී පරිසරයක් තුළ ඔවුන්ගේ අලෙවිකරණ හැකියාව වැඩි දියුණු කරනවා. දෙවනුව, හොඳ ඇසුරුම්කරණය ආර්ථික වර්ධනයේ ප්‍රබල සාධකයක්. අපනයන සඳහා උසස් තත්ත්වයේ ඇසුරුම්කරණය අත්‍යවශ්‍යයි. ඇසුරුම්කරණයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමෙන්, අපි අප්‍රිකානු ව්‍යාපාරවලට ඔවුන්ගේ අපනයන පුළුල් කිරීමට හැකියාව ලබා දෙනවා. නමුත් බලපෑම ඇසුරුම්කරණයෙන් ඔබ්බට යනවා. මෙම ආයෝජනය දේශීය ප්‍රජාව නඟා සිටුවීමට උපකාරී වෙනවා. තිරසාර රැකියා අවස්ථා නිර්මාණය කිරීම, කුසලතා පුහුණුව ලබා දීම සහ පුද්ගලයින් බලගැන්වීම සඳහා අපි කැපවී සිටිනවා.
Packaging innovation meets opportunity: Printcare’s Kenyan expansion යන ශීර්ෂ පාඨය යටතේ 2025/02/03 වැනි දින ft.lk හි පළ වූ ලිපියක සිංහල පරිවර්තනයකි.