
ව්‍යවසායකයින් වෙත උපදේශනය සැපයීම, ඉගෙනුම් ක්‍රියාවලියට සහාය වීම සහ ජාලකරණය ඇති කිරීම සඳහා භාවිත smeconnect.lk වෙබ් අඩවිය හරහා ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම සඳහා අප්‍රේල් මස 04 වැනි දින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියත් සහ මහජන බැංකුවත් අතර අවබෝධතා ගිවිසුමට මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ දී අත්සන් තබන ලදී.

මෙම අවස්ථාව සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති ලක්ෂ්මන් අබේසේකර, මහජන බැංකුව වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී ක්ලිව් ෆොන්සේකා සහභාගි වූ අතර ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) ඔෂානි බෝධිවංශ, තොරතුරු තාක්ෂණ නිලධාරී බී.කේ. ගයනි, මහජන බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංවර්ධන සහ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වික්‍රම නාරායන, එම අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී චමින්ද ඉහලකෝරළ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු චමරි පෙරේරා, Deloitte ආයතනය නියෝජනය කරමින් ෂෙරිල් ද ජෝන්ක් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.