NDB බැංකුවට NSA උලෙළේදී ජයග්‍රහණ රැසක්

Spread the love

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද ජාතික අලෙවි සම්මාන (NSA) 2024 උලෙළේදී NDB බැංකුව සුවිශේෂී ජයග්‍රහණ රැසකින් පිදුම් ලැබීය. බැංකුවේ අලෙවි කණ්ඩායම මෙවර සම්මාන උලෙළේ දී සම්මාන අටක් ලබා ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය.

එදින විශේෂත්වය වූයේ කසුන් ජයවර්ධන සමස්ත ජාතික විකුණුම් කළමනාකරු සඳහා වූ රන් සම්මානයට හිමිකම් කියමින් විකුණුම් සඳහා ඔහුගේ නායකත්වය සහ විශිෂ්ට දායකත්වය විදහා දැක්වීමයි. ඉදිරි පෙළ බැංකු අංශය සඳහා නෙත්මි කුමාරිහාමි රන් සම්මානයෙන් ද, කවීෂා වීරසිංහ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

NDB බැංකුවේ සාර්ථකත්වය තවදුරටත් ඉහළ නංවමින් ඉරේෂා ජයසිංහ විකුණුම් අධීක්ෂක බැංකු අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර S. වසන්තන් එම අංශයේ විශිෂ්ට කාර්ය සාධනය සහ කණ්ඩායම් නායකත්වය වෙනුවෙන් ලෝකඩ සම්මානය දිනා ගත්තේය. ප්‍රාදේශීය විකුණුම් කළමනාකාරීත්වයේ ප්‍රවීණත්වය සහ උපාය මාර්ගික ඥානය වෙනුවෙන් චමිල් බණ්ඩාර ප්‍රාදේශීය කළමනාකරු බැංකු අංශයෙන් රන් සම්මානය දිනා ගත්තේය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *