යාපනයට MSME සඳහා GRIT සහ HNB-LIIN නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන මධ්‍යස්ථානයක්

Spread the love

Lanka Impact Investing Network  – LIIN විසින් GRIT Empower Pengal (කාන්තාවන් බලගැන්වීම) වැඩසටහන සහ HNB-LIIN නවෝත්පාදන සහ බලපෑම් ව්‍යවසායකත්ව සංවර්ධන මධ්‍යස්ථානය (HNB-LIIN Innovation & Impact Entrepreneurship Development Hub) පසුගිය දා යාපනයේ HNB ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ්, HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, කැනඩාවේ ලෝක විශ්ව විද්‍යාල සේවය (World University Service of Canada – WUSC) හි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ මුම්ටාස් ෆලීල් සහ LIIN සභාපති චන්දුල අබේවික්‍රම ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගී වූහ.

“Empower Pengal” (කාන්තාවන් බලගැන්වීම) යනු GRIT: වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව, ආයෝජනය සහ පුහුණුව (Growth, Resilience, Investment and Training), යන වැඩසටහන යටතේ ආරම්භ කරන ලද මුලපිරීමක් වන අතර එය උතුරේ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සහ සමාජ-ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා නිර්මාණය කර ඇති පරිවර්තනීය මුලපිරීමකි. මෙම වැඩසටහන සඳහා Global Affairs Canada – GAC)= විසින් අරමුදල් සපයනු ලබන අතර කැනඩාවේ ලෝක විශ්ව විද්‍යාල සේවය (WUSC) සමඟ හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක වන අතර LIIN ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාකාරකම් මෙහෙයවයි.

මූල්‍ය පහසුකම්, ආයෝජන සූදානම සහ විශේෂිත ව්‍යාපාර පුහුණුව ලබා දෙන දේශීය ව්‍යවසායකයින්ගේ කුසලතා සංවර්ධනය වැඩි දියුණු කිරීම මඟින් GRIT වැඩසටහන උතුරු පළාතේ සමාජීය හා ආර්ථික වර්ධනයට දායක වනු ඇත. විශේෂයෙන් කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර සඳහා අවශ්‍ය කුසලතා, උපදේශකත්වය සහ වෙළඳපළ සම්බන්ධතා සමඟ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකාවන් (MSMEs) සන්නද්ධ කිරීම මඟින් මෙම වැඩසටහන උතුරු පළාතේ ව්‍යවසායක පරිසර පද්ධතිය ශක්තිමත් කරනු ඇත. මෙම ව්‍යාපාර වර්ධනය වන විට, ඔවුන් රැකියා නිර්මාණය කරයි, දේශීය නිෂ්පාදනය වැඩි කරයි, අපනයන අවස්ථා සහ ආයෝජන ආකර්ෂණය කර ගනී, එමඟින් වඩාත් ඔරොත්තු දෙන සහ ස්වයංපෝෂිත ආර්ථිකයකට මග පාදයි.

  • ව්‍යවසායකත්වය පෝෂණය කිරීම සඳහා LIIN හි කැපවීම

ශ්‍රී ලංකාවේ ප්‍රථම බලපෑම් ආයෝජන සමාගම වන LIIN, 2015 සිට ව්‍යවසායකත්වය සහ බලපෑම් ආයෝජන / impact investment තුළින් තිරසාර ආර්ථික වර්ධනයක් පෝෂණය කිරීමේ පෙරමුණ ගෙන සිටී. උපාය මාර්ගික හවුල්කාරිත්වයන්, ආයෝජන පහසුකම් සැපයීම සහ ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන් හරහා, ධනාත්මක සමාජීය හා පාරිසරික වෙනස්කම් ඇති කරමින් MSME වලට තම ව්‍යාපාර පුළුල් කිරීමට LIIN හැකියාව ලබා දෙයි.

GRIT මුලපිරීම යටතේ, LIIN විසින් යාපනය විශ්ව විද්‍යාලයේ මූල්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ උපදේශන කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් උතුරු පළාතේ ව්‍යවසායක භූ දර්ශනය පිළිබඳ ප්‍රථම ගැඹුරු අධ්‍යයනය සිදු කර ඇත. මෙම පුරෝගාමී පර්යේෂණය කලාපයේ කාන්තා ව්‍යවසායකයින් සඳහා මූලික අවස්ථා, අභියෝග සහ හිඩැස් හඳුනා ගන්නා ලදී.

මූල්‍යකරණය සඳහා සීමිත ප්‍රවේශය, සමාජීය බාධක, රැකියාව සහ පවුල් වගකීම් සමතුලිත කිරීමේ දුෂ්කරතා ඇතුළු කාන්තා ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝග මෙම පර්යේෂණය මගින් ඉස්මතු කර ඇත. සමාරම්භක උත්සවය අතරතුර නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද සොයාගැනීම්වලින් පහත සඳහන් කරුණු හෙළි විය.

  • කාන්තා ව්‍යවසායකයින්ගෙන් 49% ක් ප්‍රාග්ධනය සහ වෙළඳපොළ ප්‍රවේශය සුරක්ෂිත කර ගැනීමට අරගල කරති.
  • කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා ගැලපෙන ව්‍යවසායකත්ව පුහුණුව ඉතා වැදගත් බව 55% ක් විශ්වාස කරති.
  • පිරිමින්ට සාපේක්ෂව රැකියාව සහ පවුලේ වගකීම් සමතුලිත කිරීමේදී කාන්තාවන් විශාල අභියෝගවලට මුහුණ දෙන බවට 49%ක් එකඟ වෙති.

මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා, LIIN විසින් GRIT මුලපිරීම යටතේ මූලික වැඩසටහන් දෙකක් හඳුන්වා දී ඇත.

උතුරු පළාත සැලකිය යුතු ආර්ථික විභවයක් ඇති නමුත් ගැටුම් ඉතිහාසය සහ ආර්ථික හුදකලාව හේතුවෙන් අඛණ්ඩ අභියෝගවලට මුහුණ දෙයි. LIIN විසින් මෑතකදී කරන ලද පර්යේෂණයකට අනුව, අවස්ථා විවෘත කර කලාපයේ සංවර්ධනයට දායක වීම සඳහා කාන්තාවන් සහ තරුණ ව්‍යවසායකයින් බලගැන්වීමේ අවශ්‍යතාවයක් වර්ධනය වන බව පෙන්නුම් කරයි.

  • නැගී එන කාන්තා වැඩසටහන (Emerging Women Program – EWP)

GRIT මුලපිරීමේ ප්‍රමුඛ අංගයක් වන නැගී එන කාන්තා වැඩසටහන (Emerging Women Program – EWP) විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ආරම්භක සහ මුල් අවධියේ කාන්තා ව්‍යවසායකයින්ට සහාය වීම සහ බලගැන්වීම සඳහා ය. මෙම වසර දෙකක වැඩසටහන මඟින් කාන්තාවන් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් දෙකකට බෙදා ඇති ජාලකරණය, කුසලතා ගොඩනැගීමේ සැසි, උපදේශනය සහ දැනුම බෙදා ගැනීම ලබා දෙයි. වැඩසටහන අවසානයේ, නැගී එන කාන්තා සමුළුව / Emerging Women Summit සියලුම සහභාගිවන්නන් ඔවුන්ගේ අත්දැකීම්, ජයග්‍රහණ සහ උගත් පාඩම් ප්‍රදර්ශනය කිරීම සඳහා එක් කරයි.

EWP කාන්තාවන්ට සමාන අභියෝගවලට මුහුණ දෙන සහ ඔවුන්ගේ ඉලක්ක බෙදා ගන්නා අන් අය සමඟ සම්බන්ධ වීමට උපකාර කරයි. මෙම සහාය ජාලය ඔවුන්ගේ විශ්වාසය, නායකත්ව කුසලතා සහ ව්‍යාපාර වර්ධනය වැඩි කරයි. පුද්ගලාරෝපිත උපදේශකත්වය ඔවුන්ගේ අද්විතීය අවශ්‍යතාවලට ගැලපෙන විශේෂඥ උපදෙස් ලබා දෙයි. නැගී එන කාන්තා වැඩසටහන වැනි විශේෂ ජාලකරණ සිදුවීම් මඟින් ඔවුන්ට උපදේශකයින්, ආයෝජකයින් සහ කර්මාන්ත විශේෂඥයින් හමුවීමට ඉඩ සලසයි.

  • ව්‍යවසායකත්ව සංවර්ධන සහ පුහුණු වැඩසටහන / (Entrepreneurship Development & Training Program – EDTP)

උතුරු පළාතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සඳහා සහාය වීම සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන සහ පුහුණු වැඩසටහන (Entrepreneurship Development & Training Program  – EDTP) විශේෂයෙන් නිර්මාණය කර ඇත. ව්‍යාපෘතියේ වසර තුනක කාලය තුළ, EDTP වැඩසටහන ව්‍යවසායකයින් 240ක් වෙත ළඟා වීම අරමුණු කරයි. පළමු වසර තුළ, ව්‍යවසායකයින් 120 දෙනෙකුට සහාය වනු ඇත. විශේෂයෙන් ප්‍රදේශයේ කාන්තාවන්ට රැකියා අවස්ථා නිර්මාණය කරන සහ ආබාධ සහිත තරුණ කාන්තාවන් සහ ව්‍යවසායකයින් සලකා බලන, 90% කාන්තා සහභාගීත්වය සහ 10% පිරිමි ව්‍යවසායක සහභාගීත්වය සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ. බලපෑම් ආයෝජන, මූල්‍ය කළමනාකරණය, ව්‍යාපාර සැලසුම් කිරීම, අලෙවිකරණ උපාය මාර්ග, මානව සම්පත්, GMP, ISO සහතිකය වැනි අවශ්‍ය ව්‍යාපාර සහතික ලබා ගැනීම සඳහා ඔවුන්ට සහාය වීම ඇතුළු පුළුල් පරාසයක මාතෘකා භාවිතා කරමින් ව්‍යවසායකයින් ඔවුන්ගේ ව්‍යාපාර මෙහෙයුම් ප්‍රශස්ත කිරීම සඳහා අත්‍යවශ්‍ය කර්මාන්ත-විශේෂිත දැනුමෙන් සන්නද්ධ කිරීම කෙරෙහි මෙම වැඩසටහන අවධානය යොමු කර ඇත.

මෙම වැඩසටහන හරහා LIIN ව්‍යවසායකයින්ට නිසි ව්‍යාපාර සැලැස්මක් සහ බලපෑම් ආයෝජන සූදානම සහාය සංවර්ධනය කිරීම සඳහා විශේෂ මග පෙන්වීමක් ලබා දීමට අපේක්ෂා කරයි. අන්තර්ක්‍රියාකාරී ඉගෙනුම් සැසි / interactive learning sessions  සහ one-on-one mentoring සැසි හරහා LIIN මෙම ප්‍රධාන ක්‍රියාකාරකම් ලබා දෙනු ඇත. පුහුණු වැඩසටහන අවසානයේ, LIIN ව්‍යවසායකයින්ට ඔවුන්ගේ බලපෑම් සහිත ව්‍යාපාරික දැක්ම අනාගත ආයෝජකයින්ට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙමින් තරඟයක් පවත්වනු ඇත. ජයග්‍රාහකයින්ට මුදල් ත්‍යාග මෙන්ම ජාත්‍යන්තර අවස්ථා සමඟ සම්බන්ධ වීමට මාර්ග ඇතුළුව ඔවුන්ගේ ව්‍යාපාරවල වර්ධනයට සහාය වීම සඳහා ආයෝජන අවස්ථා 15ක් ලැබෙනු ඇත.

  • HNB-LIIN නවෝත්පාදන සහ බලපෑම් ව්‍යවසායකත්ව සංවර්ධන මධ්‍යස්ථානය

මෙම අවස්ථාවේදී උතුරේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා තවදුරටත් සහාය වීම සඳහා HNB සහ LIIN අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමත් සමඟ වැදගත් සන්ධිස්ථානයක් අත්කර ගන්නා ලදී.

මෙම මුලපිරීමේ කොටසක් ලෙස, සහයෝගිතාකරුවන් දෙදෙනා යාපනයේ නවීන, පරිසර හිතකාමී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නිෂ්පාදක අවකාශයක් වන HNB-LIIN නවෝත්පාදන සහ බලපෑම් ව්‍යවසායකත්ව සංවර්ධන මධ්‍යස්ථානය හඳුන්වා දුන්හ. ගතික ව්‍යවසායක පරිසර පද්ධතියක් පෝෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙම මධ්‍යස්ථානය රැස්වීම්, අදහස් බෙදාගැනීම, ක්ෂුද්‍ර වැඩමුළු සහ ව්‍යාපාර පුර්ව ලියාපදිංචි තක්සේරු සඳහා සහයෝගීතා අවකාශයක් සපයනු ඇත. එය ව්‍යවසායකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට, වර්ධන අවස්ථා සහ වෙළඳපළ ප්‍රවේශය සඳහා පහසුකම් සපයන වේදිකාවක් ලෙස ද සේවය කරනු ඇත.

නවෝත්පාදනය, ජාලකරණය සහ බලපෑම් මත පදනම් වූ ව්‍යවසායකත්වය සඳහා කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන මෙම අවකාශය, MSME ව්‍යාපාරවලට අත්‍යවශ්‍ය සම්පත් සහ උපදේශක ජාල වෙත ප්‍රවේශය ලබා ගැනීමට උපකාරී වනු ඇත. ඇතුළත් කිරීම සඳහා කැපවී සිටින මෙම මධ්‍යස්ථානය, කාන්තාවන්, තරුණයින්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණු කරයි, එමඟින් ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාරික අදහස් සංවර්ධනය කිරීමට සහ පුළුල් කිරීමට හැකි වන අතර, අවසානයේ දිගුකාලීන සාර්ථකත්වය සහ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ලබා දෙයි.

  • බලපෑම් ආයෝජන පරිසර පද්ධතිය පෝෂණය කිරීම

MSMEs ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටිය වන අතර, දළ දේශීය නිෂ්පාදිතයට 52%කට වඩා දායක වන අතර ශ්‍රම බලකායෙන් 45%ක් සේවයේ යොදවයි. කෙසේ වෙතත්, මූල්‍ය සඳහා සීමිත ප්‍රවේශය, ඉහළ පොලී අනුපාත සහ දුර්වල බලපෑම් ආයෝජන රාමු ප්‍රධාන බාධක ලෙස පවතී. ශ්‍රී ලංකාවේ බලපෑම් ආයෝජන භූ දර්ශනය පිළිබඳ LIIN හි පර්යේෂණය මගින් අරමුදල් සැපයීමේ හිඩැස්, ව්‍යාපාර අතර අඩු දැනුවත්භාවය, වැඩිදියුණු කළ ආයෝජන-සූදානම පුහුණුවක අවශ්‍යතාවය සහ  තිරසර සංවර්ධන ඉලක්ක (SDG) සඳහා ලබා දෙන දායකත්වයන් ඉස්මතු කරයි.

මෙම හිඩැස් පියවා ගැනීම සඳහා, LIIN කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ආයෝජන සූදානම පුහුණුව ශක්තිමත් කිරීමට, බැංකුවල මූල්‍ය වෘත්තිකයන් සඳහා බලපෑම් ආයෝජන පුහුණුව ලබා දීමට, සමාජ ව්‍යවසායන් සඳහා ත්වරණකාරක සහ ඉන්කියුබේටර් වැඩසටහන් පුළුල් කිරීමට සහ ආයෝජකයින් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සම්බන්ධ කිරීම සඳහා බලපෑම් ආයෝජන සමුළුවක් පැවැත්වීමට සූදානම් වේ.

නිගමනය

GRIT Empower Pengal වැඩසටහන සහ HNB-LIIN නවෝත්පාදන සහ බලපෑම් ව්‍යවසායකත්ව සංවර්ධන මධ්‍යස්ථානය හරහා, LIIN උතුරු ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමට කැපවී සිටී. කාන්තාවන් සහ MSME ව්‍යවසායකයින් අත්‍යවශ්‍ය මෙවලම්, උපදේශකත්වය සහ ආයෝජන අවස්ථා වලින් සන්නද්ධ කිරීමෙන්, මෙම මුලපිරීම තිරසාර ආර්ථික සංවර්ධනයක් සහ දිගුකාලීන සමාජ බලපෑමක් ඇති කිරීමට සැලසුම් කර ඇත.

වැඩිදුර තොරතුරු සඳහා www.liin.lk වෙබ් අඩවියට පිවිසෙන්න හෝ Empower Pengal ෆේස්බුක් පිටුව හරහා සම්බන්ධ වන්න.

https://www.ft.lk/front-page/LIIN-launches-GRIT-and-HNB-LIIN-Innovation-Impact-Entrepreneurship-Development-Hub-for-MSMEs-in-Jaffna/44-773604

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *