මැණික් පොළ’ සාර්ථකයි – දෙවැනි පොළ 16 වැනිදා

Spread the love

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැළී සිටින සුළු හා මධ්‍ය පරිමාණ මැණික් පතල්කරුවන්, අලෙවිකරුවන්, මිලදී ගන්නන් යනාදී සියලුදෙනාට එකම වහලක් යට සහන සැලසෙන මැණික් පොළක් මාස්පතා පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.

ඒ අනුව තුන්වැනි මැණික් පොළ පෙරේදා (26) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බිම්මහලේ සිට මහල් 3ක සාර්ථකව පැවැත්විණි. මේ සඳහා මැණික් ලැබෙන පළාත්වල සුළු හා මධ්‍ය පරිමාණ පතල්කරුවන්, මැණික් මිලදීගන්නන් හා වෙළෙඳුන් 2000කට අධික පිරිසක් සහභාගි වී සිටියහ.

සිංහ ඔක්ෂන් සමාගම මෙය සංවිධානය කොට තිබිණි. මෙහිදී ශ්‍රී ලංකා නාමය විදේශයන්හි පවා රැගෙන ගිය රොසෑන් ඩයස් මහත්මියගේ මෙහෙයවීමෙන් විලාසිතා දැක්මක් ද පැවැත්විණි. ලබන මස16 වැනිදා නැවත වතාවක් මැණික් පොළ පැවැත්වීමට සැලසුම් කොට ඇත.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *