‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ආයෝජක හමුව 27 සහ 28 කොළඹ දී

Spread the love

කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොටස් තැරැව්කාර ආයතනය සමඟ එක්ව පවත්වනු ලබන ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ප්‍රාග්ධන වෙළඳපොළ ආයෝජක හමුව 2025 මාර්තු 27 සහ 28 යන දිනවල කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

මෙම වැඩසටහන සඳහා රජයේ ප්‍රතිපත්ති සම්පාදකයින්, නියාමකයින්, ප්‍රමුඛ ලැයිස්තුගත සමාගම්වල නියෝජිතයින් සහ කොටස් තැරැව්කාර සමාගම් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වීමට නියමිත අතර, ඉක්මනින් සංවර්ධනය වෙන ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු හැකියාව පිළිබඳ ඒකාබද්ධ දැක්මක් ඒ හරහා ඉදිරිපත් වනු ඇත.

දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළවල ප්‍රධාන පාර්ශවකරුවන් මීට සහභාගී වනු ඇති අතර, අන්‍යෝන්‍ය වර්ධනයට හේතු වන සම්බන්ධතා සහ හවුල්කාරිත්වයන් සඳහා එය හේතු වනු ඇත. මෙයට විදේශීය ආයතනික ආයෝජකයින් සහ අරමුදල් කළමනාකරුවන්, දේශීය අරමුදල් කළමනාකරුවන් සහ ආයතනික ආයෝජකයින් මෙන්ම ප්‍රමුඛ කර්මාන්තකරුවන් ද අයත් වන අතර, මෙය අර්ථවත් සංවාද සහ සහයෝගීතාවන් වෙනුවෙන් වෙන්වූ වේදිකාවක් වනු ඇත.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *