Budget 2025: SMEs ප්‍රවර්ධනය සඳහා ආණ්ඩුවෙන් නව සැලසුම්

Spread the love

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සඳහා සහාය වීම සඳහා 2025 අයවැය යෝජනා යටතේ රාජ්‍ය සංවර්ධන බැංකුවක් පිහිටුවීමට සැලසුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද 2025 අයවැය කතාවේදී සදහන් කළේය.

මෙම මස මුලදී, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම මුලපිරීම සඳහා මහ බැංකුව සමඟ කටයුතු කර ඇති බව ද ජනපතිවරයා පැවසුවේ ය. මූල්‍ය සඳහා ප්‍රවේශය, විශේෂයෙන් MSME සඳහා දුෂ්කර බැවින් මෙම පියවර යෝජනා කරනු ලබන බවද ජනපතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

කෘෂිකර්මාන්තය මුලික කරගෙන ව්‍යාපාර ආරම්භ කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා රු මිලියන 500ක් වෙන් කරන බව ද ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී පැවසීය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *