
සංචාරක ව්‍යාපාරය තවමත් පිරිමින්ට පමණක් සීමා වූ රටවල කාන්තාවන් පමණක් නියෝජනය කරන ආයතන අත්‍යවශ්‍ය රැකියා අවස්ථා සපයයි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සේවය කිරීමට අවශ්‍ය උසස්වීම ලබා ගැනීමට ජීවන්ති අධිකාරිට දශකයක් ගත විය. වසර ගණනාවක් තිස්සේ ඇයට වඩා අඩු අත්දැකීම් ඇති පිරිමින්ට උසස්වීම් ලබා දෙන ආකාරය ඇය බලා සිටියාය.
“මට සම්මුඛ පරීක්ෂණයකට යන්න ලැබුණත්, සම්මුඛ පරීක්ෂක දී මාව සාධාරණ ලෙස විනිශ්චය කරන්නේ නැහැ. මට විවාහ වෙන්න පුළුවන්ද ?, නැත්නම් දරුවන් හදන්න පුළුවන්ද කියලා අහනවා, ඊට පස්සේ පවුලේ බැඳීම් ඒ පැත්තට හැරෙයි නේද ? කියලා යෝජනා කරනවා,” 42 හැවිරිදි ජීවන්ති පවසයි.
ජනවාරි මාසයේදී විවෘත කරන ලද ශ්‍රී ලංකාවේ සියලුම කාන්තා කාර්ය මණ්ඩලයක් සිටින පළමු සහ එකම හෝටලය වන ‘අඹ යාලු / Amba Yaalu’ හි කළමනාකරු ලෙස පත් කිරීමත් සමඟ ඇයගේ වෘත්තීය ජීවිතය අවසානයේ ඉදිරියට ගියේය. සංචාරක ශ්‍රම බලකායෙන් 10%කටත් වඩා අඩු සංඛ්‍යාවක් කාන්තාවන් වන රටක ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ඒකාකෘති බිඳ දැමීමට ඇය සහ 84 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම අවසානයේ දී සමත් වූවාය.
සංචාරක කර්මාන්තයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය අතින් ශ්‍රී ලංකාව පිටුපසින් සිටී. ලොව පුරා ශ්‍රම බලකායෙන් 54%ක් කාන්තාවන් වේ. කෙසේ වෙතත්, ජ්‍යෙෂ්ඨත්වයේ ඕනෑම මට්ටමකට ප්‍රගතියක් ලබන්නේ කාන්තාවන්ගෙන් 14%ක් පමණක් බව UN Tourism හි විධායක අධ්‍යක්ෂ නටාලියා බයෝනා පවසයි.
එසේ තිබියදීත්, විශේෂයෙන් කොරෝනා වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය වේගයෙන් වෙනස් වෙමින් පවතින බව බයෝනා සිතයි. “කොවිඩ් පිළිබඳ හොඳ දෙය නම්, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ට කලින් නොතිබූ අවස්ථා සංවර්ධනය කිරීම සඳහා එය කවුළුවක් විවෘත කිරීමයි,” ඇය පවසයි.

කාන්තාවන් ව්‍යාපාර මෙහෙයවන අතර සංචාරක ව්‍යාපාරය තුළින් නැවත ගොඩනැගීමේ අවස්ථා දකිමින් සිටින බව ඇය තවදුරටත් පවසයි. විශේෂයෙන් අතීතයේ අසමානතාවයෙන් හා ගැටුම්වලින් විනාශ වූ ගෝලීය දකුණේ රටවලට මෙම තත්ත්වය සුවිශේෂය.
“ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සංචාරක ව්‍යාපාරයේ වේගයෙන් ගමන් කරමින් පවතින අතර මෙය ප්‍රවණතාවක් නොවනු ඇත, එය සංචාරකයින්ට අවශ්‍ය ප්‍රතිඵල ලබා දෙනු ඇත. කාන්තාවන් බහු කාර්යයන්, වගකීම සහ මනුෂ්‍යත්වය සැලකිල්ලට ගනිමින් ඉතා විශේෂ ආකාරයකින් නායකත්වය දෙයි.” ඇය වැඩ දුරටත් පවසයි.
කණ්ඩලම ජලාශයේ ඉවුරේ අඹ වගාවක පිහිටා ඇති අඹ යාලු, චන්ද්‍ර වික්‍රමසිංහ විසින් ආරම්භ කරන ලද තේමා හෝටල් එකතුවට / Thema collection of hotels අලුතින්ම එකතු වූ හෝටලයකි. කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන හෝටලයක් සඳහා ඔහුට ආභාෂය ලැබුණේ හෙදියක් ලෙස සේවය කරමින් දරුවන් අට දෙනෙකු තනිවම ඇති දැඩි කළ ඔහුගේ මවගෙනි. සංචාරක ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම මෙන්ම ගල්ෆ් රටවල ගෘහ සේවිකාවන් බවට පත්වන ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට විකල්ප රැකියා මාර්ගයක් සැපයීම ඔහුගේ අරමුණයි.
“සාම්ප්‍රදායිකව ඉන්දියානු කාන්තාවන් නිවසේදී ආහාර පිසීම සිදු කළහ. දැන්, ඔවුන් ප්‍රමුඛ අවන්හල් හිමිකාරියන් වේ” – Khushnooma Kapadia, Marriott International
ශ්‍රී ලංකාවේ සංචාරක ශ්‍රම බලකායෙන් 10%ක් පමණ කාන්තාවන් බව වික්‍රමසිංහ දැන සිටියේය. “මේක පිස්සුවක්,” ඔහු පවසයි. “අපි කාන්තාවන් මැද පෙරදිග රටවලට පිටත් කර යවනවා. බොහෝ දෙනෙක් ගෘහ සේවිකාවන් වන අතර සමහර විට ඔවුන් විවිධ අගතීන්ට මුහුන දෙනවා. ඔවුන් දුප්පත් නිසා ඔවුන් එහි යනවා. ඒ නිසා අපි මේකට උදව් කළ යුතුයි කියලා මම හිතුවා.” චන්ද්‍රා වික්‍රමසිංහ පවසයි.
අඹ යාලු 2023 ජුනි මාසයේදී විවෘත කරන ලද සම්පූර්ණයෙන්ම කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන Marriott International විසින් පවත්වාගෙන යනු ලබන අතර ඉන්දියාවේ Westin Hyderabad Hitec City අනුගමනය කරයි. “අපට මෙවැනි දෙයක් කිරීමට අවශ්‍ය වූයේ විවිධත්වයේ හේතුව සැබවින්ම ජය ගැනීමයි,” Marriott Internationalහි දකුණු ආසියාවේ අලෙවිකරණ උප සභාපති කුෂ්නූමා කපාඩියා / Khushnooma Kapadia පවසයි.
සූපවේදියෙකු වන අම්රිතා බිස්වාස් / Amrita Biswas මීට පෙර ඇගේ වෘත්තීය ජීවිතයේ වැඩි කාලයක් පුරුෂ ආධිපත්‍යය දරන මුළුතැන්ගෙයි සේවය කර ඇති නමුත් කාන්තා සූපවේදීන් සඳහා සූපශාස්ත්‍ර භූ දර්ශනය පරිණාමය වෙමින් පවතින බව පවසයි. “සාම්ප්‍රදායිකව, ඉන්දියානු කාන්තාවන් නිවසේදී ආහාර පිසීම සිදු කළා. නමුත් දැන් ඔවුන් වෘත්තීය මුළුතැන්ගෙයි සහ ප්‍රමුඛ අවන්හල්වල සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගනිමින් සිටිනවා. බොහෝ දක්ෂ කාන්තාවන් ඔවුන්ගේ සූපශාස්ත්‍ර විශේෂඥතාව සහ ආහාර පිසීම පොහොසත් කිරීම සඳහා පිළිගැනීමක් ලබා ගනිමින් සිටිනවා” අම්රිතා පවසයි.
Dunia Camp
ටැන්සානියාවේ, දකුණු-මධ්‍යම සෙරෙන්ගෙටි හි පිහිටා ඇති අප්‍රිකාවේ පළමු සහ සම්පූර්ණයෙන්ම කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලබන එකම සෆාරි කඳවුර වන Dunia Camp ඇසිලියා සමූහය තුළ කඳවුරු 17 අතර අමුත්තන්ගේ ඉහළම ප්‍රසාදයට ලක්ව තිබේ. “ඩූනියා සැමවිටම අමුත්තන්ගේ ඉහළම ප්‍රසාදයට ලක් වෙනවා” කඳවුරු කළමනාකාරිනී පෙට්‍රෝනිලා මෝෂා පවසයි.
ඩුනියා කඳවුර 2016 ජුනි මාසයේදී විවෘත කරන ලද අතර, එමඟින් සංචාරක කර්මාන්තයේ වෘත්තීන් ගොඩනඟා ගැනීමට වැඩි කාන්තාවන්ට හැකි වී ඇත. සංචාරක ව්‍යාපාරය යනු සාම්ප්‍රදායිකව ටැන්සානියාවේ පිරිමින්ගේ රැකියාවකි.
ඩුනියා කඳවුර සංකල්පයක් ලෙස ඉදිරිපත් කරන විට, සමාගම පුරා කඳවුරුවල සේවය කළේ කාන්තාවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු පමණක් බව මෝෂා පවසයි. දැන් සමාගම පුරා ශ්‍රම බලකායෙන් 30%ක් කාන්තාවන් වේ.

“අපි බොහෝ කාන්තාවන්ට මග පාදා දී තිබෙනවා … දැන් ඔබ කාන්තා මාර්ගෝපදේශකයෙක් නම්, සෑම සමාගමක්ම මෙසේ කියනු ඇත: ‘ඔබ උණුසුම් කේක් එකක්, අප වෙත එන්න.’ අපි බොහෝ කාන්තාවන්ට ආශ්වාදයක් ලබා දී තිබෙනවා.” ඇය සතුටින් පවසයි.
“ඒක හැම වෙලාවෙම ලේසි වුණේ නෑ. කාන්තාවන් කැලෑවට ඇවිත් වැඩ කරන්න පොළඹවා ගැනීම මුලදී අභියෝගයක් වුණා. සියලුම කාන්තාවන් එකට වැඩ කරන එක ගැන හැමෝම උද්යෝගිමත් වුණා, මෙහෙට ඇවිත් සිංහයන්ගේ ගර්ජනාව ඇහෙන්න නැත්නම් එයාලගේ කූඩාරම ළඟ එයාලගේ පා සටහන් දකින්න විතරයි පුළුවන් වුණේ” මෝෂා සිහිපත් කරයි.
“සමහරු නගරයට ආපසු යාමට පෙර දින කිහිපයක් පමණක් ඩුනියා කඳවුර තුළ ගත කළා. ඊට පස්සේ රැකියාවේ භෞතික අවශ්‍යතාවලට හුරු වෙන්න සිද්ධ වුණා. අපි හැදී වැඩුණේ මේ වැඩ පිරිමින් විසින් කළ යුතු බව දැනගෙන. [බර පෙට්ටි බෑම වැනි] මෙහි පිරිමින් නොසිටි බැවින් එය තරමක් අභියෝගාත්මක වුණා. නමුත් අපි කළමනාකරණය කිරීමට ක්‍රමයක් සොයා ගත්තා”ඇය තවදුරටත් පවසයි.
- පිරිමි නොමැති මුළුතැන්ගෙය
ශ්‍රී ලංකාවට පැමිණි පසු, අඹ යාලු හි කණ්ඩායමට පිරිමින් නොමැතිව වැඩ කිරීමට පුරුදු වීමට සිදු විය. මුළුතැන්ගෙය මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකාවේ සිටින කාන්තා විධායක සූපවේදීන් කිහිප දෙනාගෙන් කෙනෙකු වන කෞශල්‍යා බටගොඩ විසිනි. ඇය හෝටල් පාසලේ ඇගේ පන්තියේ සිටි එකම කාන්තාව වූවා ය. ඇය එම ප්‍රදේශයේ හැදී වැඩුණු අතර, ග්‍රාමීය ප්‍රජාවන්ගෙන් පැමිණි කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙක් කිසිදා හෝටලයකට පය තබා නැත. ඇය කළමනාකරණය කරන සමහර කාන්තාවන්ට අකුරු කියවීමට නොහැකිය. උදාහරණයක් ලෙස පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය හැසිරවීමේදී මෙය අභියෝගයක් වී ඇත.
“ඔවුන් හරිම දක්ෂ හා නිර්භීත කාන්තාවන්. විශේෂයෙන් රාත්‍රියේදී එය විශාල විශ්වාසයක් ගොඩනඟා ගැනීමට උපකාරී වුණා” චන්ද්‍රා වික්‍රමසිංහ පවසයි.

ශ්‍රී ලංකාව සහ ටැන්සානියාව යන දෙඅංශයේම, “කාන්තාවන්ට හෝටලයක් පවත්වාගෙන යා හැකිද ?” යන්න පිළිබඳව සැක පහළ කරන පුද්ගලයින් සමඟ සටන් කිරීමට කණ්ඩායම්වලට සිදුවී ඇත. කාන්තාවකගේ ස්ථානය නිවස බවත්, බටහිර සංස්කෘතීන්ට නිරාවරණය වන අය පවතින තත්ත්වය ප්‍රශ්න කිරීමට හෝ දුම්පානය සහ මත්පැන් පානය වැනි නරක පුරුදු වර්ධනය කිරීමට පටන් ගන්නා බවත් කියන පුද්ගලයින්ට එරෙහිව ද ඔවුන් සටන් කර ඇත.
අනාගතයේදී මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ වන සියලු දෙනාටම අවශ්‍ය වන්නේ සම්පූර්ණයෙන්ම කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලබන ආගන්තුක සත්කාර සේවාවන් ලබා ගැනීමට සහ සංචාරක ව්‍යාපාර සහ මෙම අංශයේ වැඩ කරන කාන්තාවන් වැඩි ප්‍රමාණයක් දැකීමට යි.
ටැන්සානියාවේ මෝෂා මෙසේ පවසයි: “මම හිතන්නේ එය අවශ්‍යයි, එය සිදුවේවි. විශේෂයෙන් දැන් මිනිසුන් වඩාත් විවෘත මනසක් ඇති කර ගනිමින් සිටිනවා”
මූලාශ්‍රය: https://www.theguardian.com/global-development/2025/may/05/from-sri-lanka-to-tanzania-the-pioneering-hotels-run-entirely-by-women