Exterminators සමාගමේ නිර්මාතෘ මාලන් ෆෙරෙයිරා COYLE ව්‍යවසායකත්ව සම්මාන දිනයි

Spread the love

මෙරට ප්‍රමුඛතම පළිබෝධ කළමනාකරණ සමාගම වන Exterminators සමාගමේ නිර්මාතෘ මාලන් ෆෙරෙයිරා ශ්‍රී ලංකා ව්‍යවසායක සම්මාන උලෙළේදී ව්‍යවසායකත්වය සඳහා ඔහු ලැබූ 21 වැනි සම්මානය දිනා ගත්තේය. තරුණ ලාංකික ව්‍යවසායක මණ්ඩලය (COYLE) සංවිධානය කළ සම්මාන උලෙ‍ළ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. එහිදී Exterminators සමාගම

සිය 68 වන සම්මානය දිනා ගත්තේ පළිබෝධ කළමනාකරණ ක්ෂේත්‍රයේ නායකත්වය තවදුරටත් තහවුරු කරමිනි. විශිෂ්ට නායකත්වයක් යටතේ ගුණාත්මකභාවය සහ පාරිභෝගික තෘප්තිය පිළිබඳව කැපවීමෙන් කටයුතු කරන එම සමාගම ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් කර ඇත.

22 හැවිරිදි වියේ පසු වූ ෆෙරෙයිරා මාසිකව රු. 10,000ත් 12,000ත් අතර වැටුපක් ලැබූ රැකියාව අත්හැර ව්‍යවසායකයෙකු වීමට තීරණය කළේ, ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමිනි. විශාල මුදලක් ඉතුරුම් වශයෙන් නොතිබුණු බැවින් ඔහු පවුලේ සාමාජිකයන්ගෙන් සහ මිතුරන්ගෙන් රු. 75,000ක මුදලක් ණය ලෙස ගෙන යතුරුපැදියක් සහ දියර ඉසින යන්ත්‍රයක් මිල දී ගත්තේය. එලෙස ඇරැඹුණු ඔහුගේ ව්‍යවසායකත්ව ගමන අභියෝගවලින් පිරුණු එකක් විය. ආරම්භයේදී නිවසේ සිට ව්‍යාපාර කටයුතු කළ ෆෙරෙයිරා ශක්තිමත් පාරිභෝගික ජාලයක් ගොඩනඟා ගත්තේ කොළඹ නගරය පුරා අත් පත්‍රිකා බෙදමිනි. පළමු වසරේදී රු.98,000ක ආදායමක් ලැබූ ඔහුට රැකියාව කළේ නම් ලැබිය හැකිව තිබූ වාර්ෂික ආදායම රු. 120,000ත් 144,000ත් අතර විය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *