
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා Herbline ආයතනය එක්ව දිවයින පුරා සංවිධානය කරනු ලබන රූපලාවන්‍ය පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාවේ වාරියපොළ පුහුණු පාඨමාලාවට අදාළව මනාලියන් දැක්ම සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු මස 19 දින වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථක ව පවත්වනු ලැබීය.
ඒ අනුව වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රය වෙත උසස් සහතික පත්‍ර පුහුණුලාභීන් 53 දෙනෙකු බිහිකිරීමට හැකියාව ලැබුණු අතර මෙම වැඩසටහන ඔස්සේ රැකියා විරහිත තරුණ තරුණීයන් සහ කාන්තා ප්‍රජාවන් තුළ වෘත්තීමය හැකියාවන් ඇති කර ඔවුන් රටේ ආර්ථික ප්‍රවාහය තුළට රැගෙන ඒමට අපේක්ෂා කෙරේ.
