පොලිය අඩු නිසා බැංකු ණය ගැනීම් වැඩිවෙලා

Spread the love

පසුගිය 2024 වසරේ අවසන් වරට පැවති මුදල් ප්‍රතිපත්ති විවරණයේ දී මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කිරීමත් සමඟ කෙටිකාලීන මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතික අඩු වූ අතර බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය මට්ටමේ පැවතුණි.

ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පිළිබිඹු කරමින් වෙළෙඳපොළ ණය සහ තැන්පතු පොලී අනුපාතික ද අඛණ්ඩව පහළ ගියේය.

අඩු වෙළෙඳපොළ ණය පොලී අනුපාතික මගින් සහාය ලබමින් සහ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම පිළිබිඹු කරමින්, බලපත්‍රලාභී වානිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය වර්ධනය අඛණ්ඩව ඉහළ ගියේය. පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, වැඩිදියුණු වූ රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය සහ ස්වෛරීත්ව අවදානම් අධිමිල පහළ යෑම පිළිබිඹු කරමින්, රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතික අඛණ්ඩව අඩුවිය.

2025 අංක 01 මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත්කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරයි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *