
DevPro Guarantee Ltd හි මූල්‍යාධාර මත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියත්, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ සහ පුහුණුකිරීමේ ආයතනයත් එක්ව රත්නපුර, මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල කාන්තා කෘෂි ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහා පවත්වනු ලබන වැඩසටහනෙහි ප්‍රථම අදියර මාර්තු මස 19,20 සහ 21 යන දිනවල රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරය, බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරය සහ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ තොරතුරු තාක්ෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ ඔෂානි බෝධිවංශ මෙනවිය, එම අධිකාරියේ තොරතුරු තාක්ෂණ නිලධාරී බී.කේ. ගයනි මහත්මිය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ තොරතුරු සහ සන්නිවේදන අංශයේ අංශ ප්‍රධානි සී.යූ. සේනානායක මහතා, එම ආයතනයේ සංස්කාරක සහ මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක තුෂාල් විතානගේ මහතා, L B Finance ආයතනය, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයින්ගේ සංසදය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වූහ. මෙම වැඩසටහන් මාලාවේ වැලිමඩ වැඩමුළුව සංවිධානය කරන ලද්දේ වැලිමඩ ව්‍යවසාය සංවර්ධන නිලධාරී ඊ.එම්. නිලන්ති ඒකනායක මහත්මිය විසිනි.

ඵලදායීව සමාජ මාධ්‍ය ජාලා භාවිත කිරීම සහ ක්‍රමවත් සන්නිවේදන කුසලතා වර්ධනය කර ගැනීම තුළින් එම කාන්තා ව්‍යවසායන් සංවර්ධනය කිරීම මෙම වැඩසටහන් මාලාවේ මූලික අරමුණ විය.
එහි ප්‍රථම අදියර වශයෙන් කාන්තා ව්‍යවසායකයින් හට නොමිලේ ඉගෙනුම්, උපදේශන සහ ජාලකරණ අවස්ථා පිරිනමන smeconnect.lk වෙබ් අඩවියේ එම ව්‍යවසායකයින් ලියාපදිංචි කරවීමත්, ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයින්ගේ සංසදය මගින් එම ව්‍යවසායකයින් සඳහා ලබා දෙන සේවාවන් පිළිබඳවත්, L B Finance ආයතනය මගින් ව්‍යවසායකයින් සඳහා පිරිනමන CIM (Cash in Mobile) ජංගම දුරකතන යෙදවුම පිළිබඳවත්, RDB බැංකුව මගින් දිවයින පුරා නව ව්‍යවසායකයින් 15,000ක් ජාතියට ගොඩනැගීමේ ව්‍යාපෘතිය පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කෙරිණි.