කොටස් වෙළෙඳපොළේ පෙරළිකාර වර්ධනයක්

Spread the love

අද (07) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පෙරළිකාර වර්ධනයක් දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 227.95 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශක අගය ඒකක 68.85කින් ඉහළ යන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,734.68 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 4,992.14 ක් ලෙසත් වාර්තා වුණි. මෙය පෙර දිනයට සාපේක්ෂව පිළිවෙලින් 1.38% ක් හා 1.40% ක් බැගින් වූ වර්ධනයන් වේ.

පෙරේදා (05) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 500 කින් කඩා වැටුණු පසුබිමක අද දින මෙලෙස පිබිදීමක් දක්නට ලැබීම විශේෂත්වයකි.

කෙසේවෙතත් අද දින ගනුදෙනු පිරිවැටුම පෙර දිනවලට පහළ අගයයක් ගැනීම විශේෂත්වයකි.

අද දින රු. බිලියන 2.06 ක පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.99 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.92 ක් ලෙසින් වාර්තා විය.

විදේශ ආයෝජකයින්ගේ දායකත්වය අද දින බෙහෙවින් පහළ මට්ටමක පැවති අතර එහිදී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 65ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 140 ක් වශයෙන් වාර්තා වී තිබේ.

අද දින සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමට සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, මෙල්ස්ටාකෝප්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, එයිට්කන් ස්පෙන්ස් සහ කොමර්ෂල් බැංකුව යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම් වැඩි දායකත්වයක් ලබා දීමට සමත්ව තිබුණි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *