20 වැනි ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උලෙළ ජූලි මසදී

Spread the love

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය අඛණ්ඩව 20 වැනි වරට පවත්වන “ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 2025” උලෙළ පිළිබඳ නිල නිවේදනය පසුගියදා ජාතික වාණිජ මණ්ඩලය විසින් සිදුකෙරිණි.

2004 දී ආරම්භ කරන ලද පුරෝගාමී සම්මාන උලෙළක් ලෙස, ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන (NBEA) උසස් ප්‍රමිතීන් ආරක්ෂා කරමින් පැවැත්වෙයි.

ව්‍යවසායන් වඩාත් විශිෂ්ට හා ඉහළ ඵලදායිතාවක් වෙනුවෙන් පවත්වන මෙම සම්මාන පිරිනැමීමේදී නවීකරණය, සහ ශක්තිමත් පාලනයක් සහිත විශ්වසනීය, සදාචාරාත්මක, පරිසර හිතකාමී, සමාජීය වගකීම් සහිත කළමනාකරණයන් පිළිබඳව අවධානය යොමුකරයි. සම්මාන පිරිනැමීමේදී අවධානය යොමුකරන ප්‍රධාන අංග අතරට ආයතනයේ අරමුණ දිගුකාලීන තිරසරභාවය සමාජය සඳහා වටිනාකම් ආදිය පිළිබඳව අවධානය යොමු කරයි. සම්මාන පිරිනැමීමේදී – ඉතා විශාල, විශාල, මධ්‍යම, කුඩා සහ ක්ෂුද්‍ර – සහ කර්මාන්ත ආදීවශයෙන් අංශ 29ක් කෙරෙහි අවධානය යොමු කරයි.

මෙම වසරේ රන්, රිදී සහ ලෝකඩ යන සමස්ත විශිෂ්ටතා සම්මාන ඇතුළුව සම්මාන 92ක් පිරිනැමීමට නියමිතය. සම්මාන උලෙළ 2025 ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *