2024, Asia Asset Finance ජයග්‍රහණ වසරක්

Spread the love

මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන Asia Asset Finance 2024 වසර තුළ සැලකිය යුතු ජයග්‍රහණ රැසක් අත්පත්කරගෙන තිබෙන බව එම සමාගම සඳහන් කරයි.

සිය 54 වැනි සංවත්සරය සමරමින් සිටින මෙම ආයතනය මූල්‍ය ස්ථාවරත්වය සඳහා අන්තර්ජාතික fitch ratings ආයතනයෙන් පිරිනැමෙන A+ ශ්‍රේණිගත කිරීම දිනා ගැනීමට ද Asia Asset Finance සමාගම සමත් විය. 2024 වසර තුළ දිවයින පුරා ශාඛා 100ක් විවෘත කර ඇති Asia Asset Finance සමාගම, එමඟින් රන් ණය, ලීසිං, ඉඩම් ණය, විදේශ මුදල් හුවමාරු සහ ස්ථාවර තැන්පතු වැනි මූල්‍ය සේවාවන් රැසක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබී තිබේ. ආයතනික වශයෙන් යහපත් රැකියා පරිසරයක් ගොඩනැඟීම වෙනුවෙන් පිරිනැමෙන “A Great Place to Work” සම්මානය දිනා ගැනීමට ද සමාගම සමත් වූ අතර, මානව සම්පත් අංශය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීමේ වැදගත් පියවරක් ද සමාගම තබා ඇත.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *