2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක්

Spread the love

2025 පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. ඒ අනුව මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 4,212.13 දක්වා ළඟා වී ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 5.87% ක වර්ධනයකි.

2025 මාර්තු මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,507.90 දක්වා ළඟා වී ඇත. මෙය 2024 මාර්තු මාසයට සාපේක්ෂව 6.24% ක ආකර්ෂණීය වාර්ෂික වර්ධනයක් සහ 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව 11.76% ක මාසික වැඩිවීමකි.

 “මෙම ධනාත්මක අපනයන කාර්ය සාධනය, ගෝලීය වෙළඳාම තුළ ශ්‍රී ලංකාවේ වර්ධනය වන ප්‍රමුඛතාවය අවධාරණය කරන අතර, රටේ අපනයන තරඟකාරිත්වය සහ වෙළඳපොළ ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩව දරන උත්සාහයන්ගේ ඵලදායීතාවයද පිළිබිඹු කරයි” අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසා සිටී.

“2025 මාර්තු මාසයේදී, වෙළඳ භාණ්ඩ අපනයනය වාර්ෂිකව 5.87%ක වර්ධනයක් සහිත ශක්තිමත් කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇති අතර මැණික් සහ ස්වර්ණාභරණ, ඛනිජ තෙල් නිෂ්පාදන ඇතුළු අංශයන් සඳහා වූ ඇස්තමේන්තුගත සංඛ්‍යා ද සලකා බැලූ විට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නිකුත් කළ තාවකාලික දත්ත අනුව 2025 මාර්තු මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,215.9ක් ලෙස වාර්තා වේ.”

සේවා අපනයනය අංශය කැපී පෙනෙන වර්ධනයක් හඳුනාගෙන ඇති අතර, 2025 මාර්තු මාසයේදී පෙර වසරට සාපේක්ෂව 7.79%ක වර්ධනයකි. එම වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 291.12ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 2025 පළමු කාර්තුව තුල සේවා අපනයනය 10.88%කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 887.04ක් දක්වා ළඟා වී ඇත. එය ශ්‍රී ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකය වර්ධනය වීමේ වැදගත්කම පිළිබිඹු කරයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන සහ සැපයුම් යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයනය විවිධාංගීකරණය කරමින්, දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා අඛණ්ඩව නිර්මාණය කරමින් පවතී. 2025 ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ, සමස්ත වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 3,325.09 කි. එය 2024 පළමු කාර්තුවට සාපේක්ෂව 4.61%ක වර්ධනයකි.

වගුව 1: නිෂ්පාදන අනුව වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම ( ඇ.ඩො.මි )

භාණ්ඩ සහ සේවා අපනයනයජන-මාර්තු 2024ජන– මාර්තු 2025% වර්ධනය (24-25)මාර්තු 2024මාර්තු 2025% වර්ධනය (24-25)
ඇඟලුම් සහ රෙදිපිළි1245.311383.4711.09443.90495.9511.73
තේ354.78370.954.56124.86138.8311.19
රබර්  ආශ්‍රිත නිෂ්පාදන268.44251.27-6.4097.9893.08-5.00
පොල් ආශ්‍රිත නිෂ්පාදන203.62257.4626.4479.11100.6627.24
දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ112.9495.38-15.5533.8829.96-11.57
ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික සංරචක107.1498.49-8.0740.7438.72-4.96
කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන69.44119.0471.4317.1042.11146.26
සැකසූ ආහාර පාන වර්ග126.33138.449.5949.4555.5012.23
මුහුදු ආහාර63.9048.24-24.5120.2216.98-16.02
විසිතුරු මසුන්5.754.05-29.571.911.73-9.42
එළවළු6.085.51-9.382.021.76-12.87
පළතුරු10.019.05-9.593.413.28-3.81
වෙනත් අපනයන බෝග17.9412.64-29.547.954.99-37.23
මල් සහ ශාක පත්‍ර3.252.95-9.230.991.067.07
බෝට්ටු නිෂ්පාදන10.965.68-48.1810.881.92-82.35
ඛනිජ තෙල් නිෂ්පාදන279.17230.11-17.57101.8775.50-25.88
වෙනත්293.42292.36-0.36112.21113.861.47
මුළු වෙළඳ භාණ්ඩ අපනයනය3,178.483,325.094.611,148.481,215.905.87
තොරතුරු තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය318.18352.5310.80111.98114.822.54
ඉදිකිරීම්60.3621.92-63.6814.344.02-71.99
මූල්‍යමය සේවා15.055.71-62.066.172.10-65.96
ප්‍රවාහන සහ කාර්යෝපාය සේවා406.45506.8824.71137.59170.1823.69
සම්පූර්ණ සේවා අපනයන800.04887.0410.88270.07291.127.79
මුළු අපනයන3,978.524,212.135.871,418.551,507.026.24

වගුව 2: ඉහළම අපනයන ගමනාන්ත 15 හි වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

රටජන-මාර්තු 2024ජන-මාර්තු 2025% වර්ධනය (24-25)මාර්තු 2024මාර්තු 2025% වර්ධනය (24-25)
1එක්සත් ජනපදය711.57775.609.00241.50274.8913.83
2එක්සත් රාජධානිය239.02250.344.7488.5798.0610.71
3ඉන්දියාව182.46256.6440.6669.8291.4130.92
4ඉතාලිය157.82152.80-3.1857.2957.590.52
5ජර්මනිය163.94181.5310.7361.9370.6814.13
6එක්සත් අරාබි එමීර් රාජ්‍යය92.4782.11-11.2033.0331.42-4.87
7නෙදර්ලන්තය87.83113.2028.8932.1843.1234.00
8ප්‍රංශය60.6265.137.4422.0022.813.68
9කැනඩාව84.2677.96-7.4832.5326.48-18.60
10චීනය61.8669.1111.7223.4423.962.22
11ඕස්ට්‍රේලියාව60.9564.205.3321.5726.8924.66
12බෙල්ජියම55.4259.206.8220.3121.093.84
13තුර්කිය32.9228.84-12.3911.3611.17-1.67
14ජපානය44.2744.09-0.4113.7616.3318.68
15ස්විට්සර්ලන්තය43.1343.591.0716.6113.21-20.47
 වෙනත් වෙළඳපොළ1,099.941,060.75-3.56402.58386.79-3.92
එකතුව3,178.483,325.094.611,148.481,215.905.87

වගුව 3: කලාපය අනුව වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

කලාපයජන-මාර්තු 2024ජන– මාර්තු    2025% වර්ධනය (24-25)මාර්තු  2024මාර්තු 2025% වර්ධනය (24-25)
NAFTA රටවල්844.02895.796.13290.49317.369.25
යුරෝපා සංගමය (EU) එක්සත් රාජධානිය හැර671.45735.019.47248.48277.0811.51
දකුණු ආසියාව280.92336.9919.96103.52116.9612.98
මැද පෙරදිග රටවල් (සයිප්‍රසය සහ ඊජිප්තුව හැර)268.61259.57-3.3793.5695.301.86
අප්‍රිකානු රටවල්65.3492.0740.9125.7534.5134.02
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN)86.4888.872.7637.6633.21-11.82
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්65.2770.387.8323.2827.7319.12
වෙනත්896.39846.41-5.58325.74313.75-3.68
මුළු වෙළඳ භාණ්ඩ අපනයනය3,178.483,325.094.611,148.481,215.905.87

ප්‍ර‍තිපත්ති සහ උපායමාර්ගික සැලසුම් අංශය – ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

23.04.2025

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *