බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන: මහ බැංකු චක්‍රලේඛය මෙන්න !

Spread the love

ශ්‍රී ලංකා බැංකු සංගමය සමඟ ඇති කරගත් එකඟතාවන්ට අනුකූලව, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා, එම සහන සියලුම බලපත්‍රලාභී බැංකු විසින් ඵලදායීව සහ ඒකාකාරී ලෙස ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීමේ අරමුණින්, 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛය සහ එයට අතිරේකයක් වශයෙන් 2025.01.01 දිනැති 2025 අංක 01 දරන චක්‍රලේඛය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදී.

මෙම සහන ක්‍රියාමාර්ග ලබාගැනීමට ඉතිරිව පවතින කාලය සීමිත බැවින්, ණය ගනුදෙනුකරුවන් 2025.03.31 දිනට පෙර සිය බැංකු හා සම්බන්ධ වීමට දිරිමත් කෙරේ.

තවද, මෙම සහන සම්බන්ධයෙන් කිසියම් ප්‍රතික්ෂේප කිරීමක් හෝ මතභේදයක් ඇති වුවහොත්, අවශ්‍ය පරිදි, අදාළ බැංකුව සම්බන්ධ කරගන්නා ලෙසත් අභියාචනයක් කිරීමට අවශ්‍ය වන්නේ නම් පහත සඳහන් මාර්ග ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සම්බන්ධ කරගන්නා ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *