
කාන්තාවන් වසර ගණනාවක් පුරා කටයුතු කළ අපේක්ෂාවන් සහ වගකීම් නිසා පිරිමි ව්‍යවසායකයින්ට වඩා කාන්තා ව්‍යවසායිකාවන් ඵලදායී බව විශේෂඥයින් පෙන්වා දෙයි.
සංඛ්‍යාලේඛන ගැන කතා කරන විට විශේෂඥයින් පවසන්නේ කාන්තාවන් පිරිමින්ට වඩා අභිලාෂකාමී බවයි. සමස්ත කාන්තා ව්‍යවසායකයින්ගෙන් 50%ක් ඔවුන්ගේ පළමු ව්‍යාපාරයෙන් සාර්ථක වුවහොත් එම සාර්ථකත්වයේ ආශ්වාදයෙන් වසර තුනකට පසු නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උනන්දු වෙති. එසේම කාන්තාවන්ට සාමාන්‍යයෙන් කෙටි කාලයක් තුළ ස්ථාවරත්වයට පත්වේ.
පර්යේෂණවලින් පෙනී යන්නේ වයස අවුරුදු 26-46 අතර කාන්තාවන් ෆ්‍රැන්චයිසින් කර්මාන්තයට / franchising industry පිවිසීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් පිරිමින් ඔවුන්ගේ සියලු වැඩ කරන වසර පුරාම තරමක් ස්ථාවර බවත්ය. අනුමාන වශයෙන් මෙම ප්‍රවණතාවය ආරම්භ වූයේ බොහෝ කාන්තාවන්ට තම පවුල් නඩත්තු කිරීම සඳහා ඔවුන්ගේ පවතින රැකියාවෙන් ඉවත් වීමට සිදු වූ විටය.
කාන්තා ව්‍යවසායිකාවන් ඔවුන්ගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතය සමබර කර ගැනීමේ විශේෂඥයින් ලෙස සැලකේ. තම පවුල සැලසුම් කරන මැදිවියේ කාන්තාවන් දරුවන් ඇති දැඩි කිරීම සහ වැඩිහිටි දෙමාපියන් රැකබලා ගැනීම වැනි තම පවුලේ වගකීම් ඉටු කිරීම සඳහා තම රැකියාවෙන් ඉවත් වීමට නැඹුරු වෙති. එම කාන්තාවන් තම ජීවිත සමබර කර ගැනීම සඳහා ව්‍යාපාරයකට සම්බන්ධ වීම වඩාත් පහසු බව සොයා ගනී. එම නිසා ඔවුන් ෆ්‍රැන්චයිසිං ලෝකයේ කොටසක් බවට පත්වේ.
කාන්තාවන්ගේ බහුකාර්ය ගුණාංග
කාන්තාවන් කාලය තුලනය කිරීමේ විශේෂඥයින් ලෙස සලකනු ලබන අතර, ඵලදායී ලෙස ප්‍රතිඵල ලබා දෙයි. කාන්තාවන් තම බහුකාර්ය ගුණාංග නිසා තම ගෙදර දොරේ වැඩ සහ ව්‍යාපාර පහසුවෙන් සමබර කර ගනී. මෑත කාලීන සංඛ්‍යාලේඛනවලට අනුව කාන්තාවන් තවමත් පිරිමින්ට වඩා බොහෝ වැඩ කරන අතර එමඟින් කාන්තා ෆ්‍රැන්චයිසර්වරුන් මත අසාමාන්‍ය පීඩනයක් එල්ල වේ. එහෙත් බොහෝ කාන්තාවන් එය අභියෝගයක් ලෙස පිළිගනිමින් අවස්ථාවට පිවිස සිද්ධි කළමනාකරණය කිරීමේ ප්‍රවීණයෙකු බවට පත්වේ.
කාන්තාවන් වඩාත් අවංක වීමට නැඹුරු වෙති
කාන්තාවන් සාමාන්‍යයෙන් විවෘතව, ව්‍යවසායිකාවක් ලෙස ඔවුන්ගේ බිය සහ අභියෝග ගැන කතා කරති. ව්‍යාපාරයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කෙරෙහි ඔවුන් තුළ ඇති ආත්මාර්ථකාමීත්වය අඩු බැවින් ඔවුන් තම අසාර්ථකත්වයන් බෙදා ගැනීමට බිය නොවේ. කෙටියෙන් කිවහොත් ඔවුන් තත්ත්වයන් පිළිබඳව වඩාත් විවෘත හා අවංක වන අතර අන් අයට කටයුතු පහසු කරයි.
කාන්තාවන් වෙන කවරදාටත් වඩා මෙවැනි අභියෝගවලට මුහුණ දෙන අතර ඔවුන් අපව පුදුමයට පත් කර අපව දිරිමත් කරයි. ඔවුන් කාලය, මුදල් සහ සම්පත් අඩුවෙන් භාවිතා කරමින් තම ව්‍යාපාර සාර්ථකව වර්ධනය කර ගනිමින් සිටී.
- Franchisors / ෆ්‍රැන්චයිසර් යනු තම වෙළඳ ලකුණ භාවිතා කිරීමේ අයිතිය වෙනත් සමාගම්වලට තම නමින් තම ව්‍යාපාරය කරගෙන යාම සඳහා ලබා දෙන ව්‍යාපාරයකි.