ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයෙන් SMEs වෙත  හිමිවන දැවැන්ත ප්‍රතිලාභ මොනවාද ?

Spread the love

ඩිජිටල්කරණය ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තීරණාත්මක වාසියක් ලබා දෙන බවත්, ඩිජිටල් සේවාවන් සඳහා ප්‍රවේශය ඩිජිටල් ආර්ථිකය තුළ සාධාරණ සහභාගීත්වයක් / equitable participation සහතික කරන බවත් Aadhar CTO සහ නිර්මාතෘ ශ්‍රීකාන්ත් නාධමුනි පසුගිය දා (5) කොළඹ පැවති උත්සවයකදී පැවසීය.

ඉන්දීය රජයේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් (Digital Public Infrastructure – DPI) මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ඩිජිටල් පරිවර්තනය තුළින්, ඩිජිටල් පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරිත්වයන් (private-public partnerships – PPPs) සක්‍රීය කිරීමට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) වර්ධනයට පහසුකම් සැලසීමට සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ පූර්ණ විභවය විවෘත කිරීමට හැකියාව ලැබෙන බව ද  ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් පිරිසක් අමතමින් ඔහු මේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් ශ්‍රීකාන්ත් මෙසේ ද පැවසුවේ ය, “අනන්‍යතාවය හෝ ගෙවීම් වැනි අත්‍යවශ්‍ය සේවාවන්හි ඒකාධිකාරයන් පෝෂණය නොකළ යුතුය යන මූලධර්මය DPI හි හදවතෙහි තිබෙනවා. අනන්‍යතාවය හෝ ගෙවීම් සමඟ කටයුතු කරන විශාල ඒකාධිකාරයන් නිර්මාණය කිරීම වෙනුවට DPI කරන එක් දෙයක් නම්, එය රාජ්‍ය අංශයේ පහසුකම් සැලසීම මත පෞද්ගලික අංශයේ නවෝත්පාදනයන් සක්‍රීය කිරීමයි. මෙම ප්‍රවේශය තනි සැපයුම්කරුවෙකුගේ ආධිපත්‍යය වළක්වන අතර ව්‍යාපාරවලට පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව අනතුරේ නොහෙළමින් පොදු යටිතල පහසුකම්, තරඟකාරිත්වය සහ නවෝත්පාදනයන් මත ගොඩනගා ගත හැකි බව සහතික කරනවා”

මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ පුද්ගලයන්ට තීරණාත්මක වාසියක් ලබා දෙන බවත්, ඩිජිටල් සේවාවන් සඳහා ප්‍රවේශය ඩිජිටල් ආර්ථිකය තුළ සාධාරණ සහභාගීත්වයක් / equitable participation සහතික කරන බවත් ශ්‍රීකාන්ත් වැඩි දුරටත් පැවසීය.

ඉන්දියාවේ Unified Payments Interface – UPI යනු නවෝත්පාදනය සහ තරඟකාරිත්වය මෙහෙයවිය හැකි ආකාරය පිළිබඳ ප්‍රධාන උදාහරණයක් බව ශ්‍රීකාන්ත් නාධමුනි ප්‍රකාශ කළේය.

“ඉන්දියාවේ UPI උදාහරණය ගත් කල, සමාගම් කිහිපයක් UPI නීති සහ රජය විසින් ඉදිරිපත් කර ඇති සැලසුම මත ඉතා නව්‍ය විසඳුම් ගොඩනගා තිබෙනවා. රාජ්‍ය අංශයේ යටිතල පහසුකම් මත නවෝත්පාදනය කිරීමට පෞද්ගලික අංශයට ඉඩ දීමේ මෙම මූලධර්මය ශ්‍රී ලංකාවේ පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරිත්වයන් (private-public partnerships – PPPs) ඉහළ නැංවීම සඳහා DPI හි විභවයට කේන්ද්‍රීය වෙනවා. රජය විවෘත හා ආරක්ෂිත යටිතල පහසුකම් සැපයීමෙන් පෞද්ගලික ක්‍රීඩකයින්ට නවෝත්පාදනය කිරීමට ඉඩ සලසන අතර ඩිජිටල් ආර්ථිකය සමෘද්ධිමත් වීමට සාරවත් භූමියක් නිර්මාණය කරනවා”

කෙසේ වෙතත්, DPI යනු තාක්ෂණය පමණක් නොවන බවත්, එහි සාර්ථකත්වය සහතික කිරීමේදී පාලනය සහ ප්‍රතිපත්ති රාමු වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත් නාධමුනි අවධාරණය කළේය.

“DPI යනු තාක්ෂණය පමණක් නොවේ… ඔබ ප්‍රතිපත්තිය නිවැරදිව ලබා නොගන්නේ නම්, පාලන රාමුව නිවැරදිව ලබා නොගන්නේ නම් සහ ආරක්ෂණ ක්‍රම ක්‍රියාත්මක නොවන්නේ නම්, ඔබට බොහෝ දත්ත රැස් කළ හැකියි. නමුත් එය ආරක්ෂිත නොවේ නම්, එය හොඳ නැහැ.” ඔහු පෙන්වා දුන්නේ ය.

විශාල සමාගම්වලින් වඩා ඔබ්බට ගොස්, සාමාන්‍යයෙන් ආර්ථිකයන්හි කොඳු නාරටිය වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දක්වා විහිදෙන DPI හි බලපෑම පිළිබඳව ඔහු තවදුරටත් විස්තර කළේය. DPI විසඳුම් ග්‍රාමීය ගම්මානවල සිට නාගරික මධ්‍යස්ථාන දක්වා ව්‍යාප්ත කළ හැකි ආකාරය ඔහු පෙන්වා දුන්නේය.

“එය ගමකට වැඩ කරන්නේ නම්, එය මුළු රටටම වැඩ කළ හැකියි.” ඔහු පැවසුවේය.

මෙම ව්‍යාප්ත කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවේ වර්ධනය වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට අත්‍යවශ්‍ය වනු ඇති අතර, සියලු ප්‍රමාණයේ ව්‍යාපාරවලට කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සහ නව වෙළඳපළ වෙත ළඟා වීමට ඩිජිටල් මෙවලම් සහ වේදිකා භාවිතා කිරීමට හැකි වන බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඇති විශාලතම අභියෝගයක් වන්නේ සාම්ප්‍රදායික පද්ධතිවල සංකීර්ණත්වයයි, විශේෂයෙන් ගෙවීම් සහ සැපයුම් සම්බන්ධයෙන් මෙය තීරණාත්මක වේ. මෙම ක්‍රියාවලීන් විධිමත් කිරීමට, පහසු ගෙවීම් සඳහා පහසුකම් සැලසීමට සහ විශාල සගයන් සමඟ කටයුතු කිරීමේදී කුඩා ව්‍යාපාර මුහුණ දෙන ඝර්ෂණය අඩු කිරීමට DPI හට හැකියාව ඇති බව නධමුණි පැහැදිලි කළේය.

“එය විශාලතම සමාගම් විය යුතු නැහැ… සෑම විටම ඩිජිටල් වාණිජ්‍යයට ඉඩ සලසනවා. මෙය ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ට ගෝලීය වෙළඳපොළට පිවිසීමට නව අවස්ථා නිර්මාණය කරනවා. මීට පෙර කුඩා සමාගම්වලට එය දුෂ්කර වුණා” ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

  • ඩිජිටල් පොදු යටිතල පහසුකම් (Digital Public Infrastructure – DPI) යනු බොහෝ අරමුණු සඳහා බෙදාගත් මාධ්‍යයකි. එය ඩිජිටල් පරිවර්තනයේ තීරණාත්මක සක්‍රීයකාරකයක් වන අතර රාජ්‍ය සේවා සැපයීම පුළුල් කරමින් වැඩිදියුණු කිරීමට උපකාරී වේ. හොඳින් නිර්මාණය කර ක්‍රියාත්මක කරන ලද එය රටවලට ඔවුන්ගේ ජාතික ප්‍රමුඛතා සාක්ෂාත් කර ගැනීමට සහ තිරසාර සංවර්ධන ඉලක්ක වේගවත් කිරීමට උපකාරී වේ. රජයන්ට, පරිත්‍යාගශීලීන්ට, පෞද්ගලික අංශයට සහ සිවිල් සමාජයට එය හැඩගස්වා ගැනීමට අවස්ථාවක් තිබේ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *