
සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් පෞද්ගලික සමාගම හෙවත් ලුමාලා, පසුගියදා පැවති 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උලෙළේදී මහා පරිමාණ සෙසු කර්මාන්ත කාණ්ඩයේ ජාතික කර්මාන්ත සන්නාම සම්මානයක් දිනාගැනීමට සමත් විය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයට අයත් ශ්‍රී ලංකා තාක්ෂණික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මේ සම්මාන උලෙළට කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යාපාර නායකයෝ රැසක් එක්ව සිටියහ. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවිය උත්සවයේ ප්‍රධාන ආරාධිතාව වූවාය.
“පාපැදි සහ විදත් පාපැදි කර්මාන්තයේ නවෝත්පාදන වැඩි දියුණු කිරීම් වෙනුවෙන් අප කණ්ඩායමේ කැපවීම සහ උනන්දුව වගේම පාරිභෝගිකයන් අප කෙරෙහි තැබූ විශ්වාසයත් මේ සම්මානය මඟින් පිළිබිඹු වනවා. විවිධ අභියෝග මධ්‍යයේ වුවද ගෝලීය මට්ටමේ පරිසර හිතකාමි ගමනාගමන විසඳුම් සපයමින් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට අප දෙන දායකත්වය, අපට විශාල අභිමානයක්…” යනුවෙන් සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආසිම් මිෆ්ලිල් මහතා පැවසීය.