The Technocity සමාගම Computex Taipei – 2025ට එක් වේ

Spread the love

තොරතුරු තාක්ෂණය බෙදාහැරීමේ ප්‍රමුඛතම සමාගමක් වන, ටෙක්නොසිටි පෞද්ගලික සමාගමේ (The Technocity Pvt Ltd) ඉහළ කළමනාකාරිත්වය පසු ගිය දා තායිවානයේ, තායිපේහි පැවැති Computex Taipei – 2025 නවීන පරිගණක හා තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේදී උපායමාර්ගික සංචාරයක යෙදිණි.

Computex Taipei යනු, සෑම වසරකම තායිවානයේ පැවැත්වෙන ලොව ප්‍රමුඛතම තාක්ෂණික B2B වෙළෙඳ ප්‍රදර්ශනයකි. සෑම වසරකම ප්‍රදර්ශකයන් 1,600කට අධික සංඛ්‍යාවක් සහ වෘත්තීයවේදීන් 40,000කට අධික සංඛ්‍යාවක් මේ සඳහා සහභාගි වෙති. මෙය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ වර්තමාන ගෝලීය ප්‍රවණතා සමඟ සමාගමේ වර්ධනයට ගැළපෙන පරිදි සැලසුම් කිරීමේ තවත් ඉදිරි පියවරකි. මේ සංචාරයට ටෙක්නොසිටි සභාපති ෆැමි ඉස්මයිල්, ප්‍රධාන විධායක නිලධාරී අක්‍රම් බදුර්දීන්, බෙදාහැරීමේ අධ්‍යක්ෂ ගෙහාන් තංගප්පන් සහ අධ්‍යක්ෂ Gaming & Components, මොහොමඩ් කදීර් යන කණ්ඩායම එක් විය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *