ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ‘ස්ථාවර තැන්පතු’ සඳහා විශේෂ පොලී අනුපාතිකයක්

Spread the love

2025 අයවැය යෝජනාවලට අනුව 2025 ජූලි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පත් සඳහා සංශෝධිත විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය  අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා  අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු  අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

 බදු අය කර ගැනීමේ කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම සඳහාත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බදු නිදහස් සීමාවට වඩා අඩුවෙන් ආදායම් උපයන්නන්ගේ පහසුව සඳහාත් අදාළ පුද්ගලයා විසින් තම ආදායම පිළිබඳ ප්‍රකාශයක් බැංකුවට හෝ අදාළ මූල්‍ය ආයතනය වෙත ලබාදීම පදනම් කර ගනිමින් ඔහුගේ හෝ ඇයගේ තක්සේරු ආදායම රුපියල් ලක්ෂ 18 ඉක්මවන්නේ නැත්නම් පොලී ආදායමට ප්‍රභවයේදී සියයට 10 ක් රඳවා නොගැනීමට අවශ්‍ය කටයුතුත් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය උපදෙස් බැංකු සහ මූල්‍ය ආයතනවලට ලබාදෙමින් තිබෙනවා. ළමා තැන්පතු සඳහාත් මෙම ක්‍රමවේදය වලංගු වන අතර එහිදී ළමයාගේ භාරකරු මේ සඳහා මැදිහත් විය යුතු අතර ඔහුගේ හෝ ඇයගේ ආදායම හා ලබාදෙන ප්‍රකාශය සලකා බැලීමෙන් අදාළ කටයුතු සිද්ධ කරනවා. මෙම යෝජනා ක්‍රමය අනුව වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුරවැසියන්ට අදාළ වෙනවා. බැංකු කිහිපයක මෙම තැන්පතු තිබුණත් එය නොසලකා හරිමින් තැන්පතුකරුවෙක් එක් තැන්පතුකරුවෙක් වෙනුවෙන් උපරිම තැන්පතු මුදල රුපියල් මිලියනය දක්වා වලංගු වෙනවා. තැන්පතුකරුවන්ට ඔවුන්ගේ මුළු තැන්පතු මුදල රුපියල් මිලියනය නොඉක්මවන තාක්කල් බැංකු කිහිපයක මේ ස්ථාවර තැන්පතු විවෘත කිරීමට පුළුවන්. මෙම යෝජනා ක්‍රමය යටතේ තැන්පතු සඳහා වසරක කාලයක් පවතින අතර පොලිය මාසිකව ආපසු ගත යුතුයි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *